Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) හයවැනි දිනය (10 වැනිදා) අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 24 දිනා දෙවැනි ස්ථානයේ රැදී සිටියේය. රන් පදක්කම් 24 ක්, රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 63 ක් සමගින් මේ වන විට ශ‍්‍රී ලංකාව දිනා සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 133 කි.
අද දිනයේදී තවත් රන් පදක්කම් 7 ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූ අතර ඉන් පදක්කම් 4 ක් මලල කී‍්‍රඩාවෙන්ද, පදක්කම් 3 ක් පිහිනුම් කී‍්‍රඩාවෙන්ද හිමිවිය.
ඉඳුනිල් හේරත් (පිරිමි මීටර් 800) සහ එම්. එච්. අයි. සඳරුවන් (පිරිමි රිටි පැනීම) අද දිනයේදී මලල කී‍්‍රඩාවෙන් රන් පදක්කම් දිනාගත් අතර 100x4 පිරිමි සහ කාන්තා සහය දිවීමේ කණ්ඩායම්ද රන් පදක්කම් වලට හිමිකම් කීහ.
අද දිනයේදී තවත් රන් පදක්කම් 2 ක් (පිරිමි මීටර් 200 මිශ‍්‍ර ආර සහ මීටර් 100 නිදහස් ආර) තම පදක්කම් ගොන්නට එක්කර ගැනීමට මැතිව් අබේසිංහ සමත් වූ අතර මෙම තරගාවලියේ පිහිනුම් තරග අවසන් වන විට ඔහු දිනා සිටි සමස්ත රන් පදක්කම් සංඛ්‍යාව 7 කි.
කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්ව ජයගනිමින් සිය 5 වැනි රන් පදක්කම හිමිකර ගැනීමට කිමිකෝ රහීම් අද සමත් වූවාය.
ඉන්දියාව රන් පදක්කම් 117 ක්, රිදී පදක්කම් 61 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් දිනා පදක්කම් සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර පාකිස්තානය රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 32 ක් දිනා එහි තෙවැනි ස්ථානයේ පසුවිය.
රට |
රන් | රිදී | ලෝකඩ | එකතුව | |
ඉන්දියාව |
![]() |
117 | 61 | 16 | 194 |
ශ්‍රී ලංකාව |
![]() |
24 | 46 | 63 | 133 |
පාකිස්තානය |
![]() |
7 | 20 | 32 | 59 |
බංග්ලාදේශය |
![]() |
3 | 10 | 40 | 53 |
නේපාලය |
![]() |
1 | 12 | 19 | 32 |
ඇෆ්ගනිස්තානය |
![]() |
1 | 3 | 11 | 15 |
භූතානය |
![]() |
0 | 1 | 4 | 5 |
මාලදිවයින |
|
0 | 1 | 1 | 2 |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.