Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ රවිඳු ලක්සිරිද, කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණිද සමත් වූහ. 36 වැනි වරටත් පැවැති ජාතික ස්කොෂ් ශූරතාවලිය බොරැල්ල ද්‍රවිඩ සංගම් ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවැති අතර අවසන් මහ තරග ඊයේ (20 වැනිදා) පැවැත්විණ.
|
අවසන් මහ තරගයේදී ඉතා තියුණ සටනකින් අනතුරුව වට 3-1 ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි විවෘත පිරිමි ශූරතාව දිනාගත්තේය. රවිඳු ලක්සිරි පිට පිටම ජාතික ස්කොෂ් ශූරයා බවට පත්වූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2013, 2014 සහ 2015 යන වසර වලදීද ජාතික ස්කොෂ් ශූරයා බවට පත්ව තිබේ.
අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස අඞ්නාන් හුසේන් පරාජය කරමින් රවිඳු ලක්සිරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශමිල් වකීල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 3-0 ක් ලෙස ගිහාන් සුවාරිස් පරාජය කරමිනි.
මිහිලියා මෙත්සරණි විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී තරග වට 3-0 ලෙස බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ෆතූම් ඉසඩීන් පරාජය කරමිනි. මිහිලියා මෙත්සරණි ජාතික ස්කොෂ් ශූරිය ලෙස සම්මාන දිනූ 4 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඇය 2012, 2013 සහ 2014 යන වලදීද ජාතික කාන්තා ස්කොෂ් ශූරතාව දිනාගෙන තිබේ.
අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස වසුන්දරා සුවාරිස් පරාජය කරමින් මිහිලියා මෙත්සරණි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ෆතූම් ඉසඩීන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 3-0 ක් ලෙස එස්. එම්. ගුරුගේ පරාජය කරමිනි.
තරගාවලියේ විවෘත පිරිමි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මාස් හෝල්ඩිංග්ස් සමාගම නියෝජනය කළ ගිහාන් සුවාරිස් සමත් වූ අතර විවෘත කාන්තා තෙවැනි ස්ථානය හිමිගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ වසුන්දරා සුවාරිස් සමත් වූවාය.
යාර්ඞ්ලි ලන්ඩන් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. එම සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ කලමණාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
|
තරග ප්‍රතිඵල
පිරිමි අවසන් මහ තරගය
රවිඳු ලක්සිරි (ගුවන් හමුදාව) විසින් තරග වට 3-1 ක් ලෙස ශමිල් වකීල් (ඩී. එස්. සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/13, 11/08, 11/04, 11/09)
කාන්තා අවසන් මහ තරගය
මිහිලියා මෙත්සරණි (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ෆතූම් ඉසඩීන් (බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/09, 11/08, 11/04)
|
|
|
|
|
|
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.