Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 48 වැනි වරටත් පැවැත්වෙන ටී. නොයෙල් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන ඔරු පැදීමේ තරගාවලිය මේ මස 28 වැනිදා පස්වරු 1.00 සිට කොළඹ ඔරු පැදීමේ සමාජ පරිශ්‍රයේදී (බේරේ වැවේදී) පැවැත්වේ.
මෙය දිවයිනේ දෙවැනි පැරණිතම ඔරු පැදීමේ තරගාවලිය මෙන්ම පැරණිතම අන්තර් පාසල් ඔරු පැදීමේ තරගාවලියද වේ. මෙම තරගාවලියේදී යාර 1000 ක දුරකින් සමන්විත වූ ඔරු පැදීමේ ඉසව් 8 ක් පැවැත්වෙන අතර එහිදී ජයග්‍රාහකයන් සඳහා ලකුණු 52 ක් පිරිනැමේ. ඉසව් 8 අවසානයේදී ඉන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායමට ටී. නොයෙල් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන පිරිනැමේ.
හෂේන් හෙට්ටිගොඩ නායකත්වය දරණ රාජකීය විදුහල් ඔරු පැදීමේ කණ්ඩායම මේ වසරේදී (2017) කොළඹ ඔරු පැදීමේ සමාජය පරාජය කරමින් ‘රැන්ෆන්’ ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාව දිනාගත් අතර සන්නද්ධ සේවා කණ්ඩායම් සමග තරග වදිමින් ජාතික ඔරු පැදීමේ තරගාවලියේ වයස 18 න් ඉහළ සමස්ථ ශූරතාවද දිනාගත්තේය.
මේ වසරේදී සාන්ත තෝමස් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව අර්ජුන් වික්‍රමනායකට හිමිව ඇති අතර අත්දැකීම් බහුළ ක්‍රීඩකයෝ රැසක් සාන්ත තෝමස් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ඉකුත් වසරේදී (2016) පැවැති රාජකීය - සා. තෝමස් ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කවීන් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රාජකීය විදුහල් කණ්ඩායම සමත් වූ අතර එහිදී ලකුණු 50 ක් හිමිකර ගනිමින් නව වාර්තාවක් පිහිටුවීමටද ඔවුහු සමත් වූහ.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.