Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඞ් බුල් සමාගම සහ සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට් එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ‘රෙඞ් බුල් ලෙවල්ස්’ තරගාවලිය පෙබරවාරි මස 21 වැනිදා දිවයිනේ දකුණු දිග මුහුදු තීරයේ සිනමන් හෝටලය අසල පැවැත්වෙයි.
‘රෙඞ් බුල් ලෙවල්ස්’ යනු රිටි මත නැග මසුන් ඇල්ලීම සහ අතුරේ යෑම පිළිබඳ සාම්ප‍්‍රදායික ශිල්පීය ක‍්‍රමවල සුසංයෝගයෙන් නිර්මාණය වූ අභියෝගාත්මක තරගාවලියකි. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 60 කට සහභාගි වීමට හැකි අතර ජයග‍්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
මෙහිදී තරගකරුවන්ට අඩි 4, 6, 8, 10 සහ 12 උසින් යුතු රිටි මත නැග ඹසුන් ඇල්ලීමේ අදියර 5 කට මුහුණදීමට සිදුවේ.
සෑම රිටකටම සම්බන්ධ කර ඇති කඹයක නැගී දියඹට යෑමට සෑම තරගකරුවකුටම සිදුවන අතර තරගකරුවන්ට ඉවත්වීම සඳහා ගතවන කාලය අනුව ඔවුන් ඊළග වටයට සුදුසුකම් ලබයි.
සුදුසුකම් ලැබීම සඳහා වන අදියර සඳහා විනාඩි 4 සහ 6 බැගින් කාල සීමාවන් ලැබෙන අතර ඉන් පසුව අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහ තරග පැවැත්වේ. එහිදී වාර්තා වන වේගවත්ම කාල ගණනය අනුව ජයග‍්‍රාහකයා තෝරාගනු ලැබේ.
මෙම තරගාවලියේ ඉකුත් වසරේ ශුරයන් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ-350 කණ්ඩායමද මෙවර තරගාවලිය සඳහා මේ වන විටත් සිය සහභාගීත්වය තහවුරු කර ඇති අතර දෙවැනි වසර සඳහාත් ශූරතාව රැුක ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
තරගාවලියට සහභාගි වීම සඳහා redbull.com//levels හි ලියාපදිංචි වී රෙඞ්බුල් මුහුණු පොතේ (ෆේස්බුක්) පිටුවේ රෙඞ්බුල් වැඩසටහනට අදාල පිටුවේ හෝ @redbull_sl හි ඉන්ස්ටග‍්‍රෑම්හි සඳහන් කි‍්‍රයා පිළිවෙත අනුගමනය කළ යුතුය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.