Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner රෝමේන් 12 වැනි අදියර ජය ගනියි

රෝමේන් 12 වැනි අදියර ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 12 වැනි අදියර ජය ගැනීමට ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් සමත් විය. කිලෝ මීටර් 214.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ පාවෝ නරගයෙන් ආරම්භ වී පෙයිරගඞ්ස් නගරයෙන් නිමාවට පත් විය.

එම අදියර නිමා කිරීම සඳහා රෝමේන්ට ගත වූ කාලය පැය 5 යි විනාඩි 49 යි තත්ත්පර 38 කි.

රෝමේන්ට වඩා තත්ත්පර 2 පසුපසින් පැමිණ තරගය අවසන් කළ කොලෙම්බියාවේ රිගොබර්ටෝ ඌරන් 12 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ඉතාලියේ ෆැබියෝ අරූ තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ස්පාඤ්ඤයේ මයිකල් ලන්ඩා සහ දකුණු අප්‍රිකාවේ ලුවිස් මේයින්ට්ජෙස් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

තරගයේ 12 වැනි අදියර ජයගැනීමට රෝමේන් සමත් වුවද, මුල් අදියර 11 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල ඔහුට හිමිව ඇත්තේ සමස්ත තරගයේ තෙවැනි ස්ථානයයි.

අදියර 11 ක් අවසන් වන විට සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටි මහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම්, 12 වැනි අදියරෙන් අනතුරුව එහි දෙවැනි ස්ථානයට ඇද දැමීමට එතෙක් දෙවැනි ස්ථානයේ රැදී සිටි ඉතාලියේ ෆැබියෝ අරූ සමත්ව තිබේ. ෆැබියෝට අදියර 12 නිමා කිරීම සඳහා ගතවී ඇති මුලු කාලය පැය 52.51:49 කි.

ෆැබියෝට වඩා තත්ත්පර 06 ක් පසුපසින් සිටින ෆෝම් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ෆැබියෝට වඩා තත්ත්පර 25 ක් පසුපසින් සිටින ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.

පාපැදි සවාරියේ 13 වැනි අදියර ඊයේ (14 වැනිදා) සයින්ට් ගිරෝන්ස් නරගයෙන් ආරම්භ වී ෆොයික්ස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 101 කි.


සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 52.51:49
2 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 52.51:55
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 52.52:14
4 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 52.52:44
5 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 52.53:30
6 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 52.54:02
7 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 52.54:44
8 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියාව) - පැය 52.55:01
9 ජෝජ් බෙනට් (නවසීලන්තය) - පැය 52.56:13
10 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - පැය 52.56:40

 

 

- 036


අදහස් (0)

රෝමේන් 12 වැනි අදියර ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.