Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ලූෂන් පුෂ්පරාජ් ලෝක ශූරතාව දිනයි

ලූෂන් පුෂ්පරාජ් ලෝක ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේදී පැවති  10 වැනි ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් එහිදී කිලෝග්‍රෑම් 100 වැනි බර පන්තියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.  එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ලූෂන් ඊයේ (18) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම තරගාවලිය තායිලන්තයේ ”චියන්මායි ” හී දී රටවල් 52 ක මුල් පෙළේ ක්‍රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කායවර්ධන ක්‍රීඩාවෙන් ලැබූ ඉහළම ජයග්‍රහණයද මෙය වේ.

ලූෂන් පිළිගැනීමට ඔහුගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන්, කායවර්ධන ක්‍රීඩකයන්,   නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලංකා මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව මහතා ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
 

 


අදහස් (0)

ලූෂන් පුෂ්පරාජ් ලෝක ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.