Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner වත්තල පාපැදි ශූරයා සුරංග

වත්තල පාපැදි ශූරයා සුරංග

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිශාන්ත පෙරේරා සමග උරෙන් උර ගැටුණු තියුණු සුරංග රණවීර වත්තල ෆ්ලයින්විල් නිදහස් සමරු විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගය ජයගත්තේය. ස්ටෑන්ඩඞ් පාපැදි තරගයක් වුවත් නමගිය රේසින් පාපැදි තරගකරුවෝ පිරිසක් ද කිලෝමීටර 150ක් දුරැති මෙම පාපැදි තරගයට එක්වීමෙන් එය නිමාව දක්වා තියුණු මුහුණුවරක් ගත්තේය.

දෙවැනි ස්ථානයට පත් නිශාන්ත පෙරේරා ජයග්‍රාහී සුරංග රණවීර හා එකම වේලාවකට තරගය නිමා කිරීමට එහිදී සමත්වීම කැපී පෙනුණි.

තරගයේ තෙවැනි ස්ථානයේ සිට තරගකරුවන් 12 දෙනකු එකම පොකුරට තරගය නිමා කළේ එකම තරග නිමි කාලයක් ද සටහන් කරමිනි. ජයග්‍රාහී සුරංග රණවීර රුපියල් 75,000ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට සමත් විය.
වයස 23න් පහළ තරගකරුවන් සඳහා වෙනම ජයග්‍රාහී ස්ථාන තේරීමක් සිදු කිරීමේදී සිව් වැනි ස්ථානයට තරගය නිමා කළ සුරේස් තරංග එම කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස නම් කෙරුණි.

බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම පාපැදි සවාරිය කෙරවලපිටිය මංසන්ධියෙන් ආරම්භ වී වට හතරක් ලෙස පැවැත්වුණි.


ප්‍රධාන තරගයේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවෝ.
1. සුරංග රණවීර (දෙහිවල ගල්කිස්ස පැය 2 විනාඩි 06 තත්ත්පර 09),
2. නිශාන්ත පෙරේරා (දෙහිවල-ගල්කිස්ස 2.06.09),
3. ළහිරු මධුශංඛ (යුද හමුදා 2.10.10),
4. සුරේෂ් තරංග (පොලිසිය-2.10.10),
5. ආසිරි කැලුම් පීරිස් (දෙහිවල-ගල්කිස්ස 2.10.10),
6. සරිඳු ලක්ෂිත (සුපර් බේරු 2.10.10),
7. අමිත්ත රුක්මල් (වරාය - 2.10.10),
8. අසේල සිසිර කුමාර (යුද හමුදා - 2.10.10),
9. රසිත සුමින්ද (මත්තුමගල 2.10.10.)
10. චමින්ද ඉන්දික (මීගමුව 2.10.10).

වයස 23න් පහළ කාණ්ඩය
1. සුරේෂ් තරංග (පොලිසිය)
2. සුරිඳු ලක්ෂිත (සුපර් බේරු),
3. අමිත්ත රුක්මල් (වරාය අධිකාරිය)

 

 


අදහස් (0)

වත්තල පාපැදි ශූරයා සුරංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.