Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ මහ සභා රැස්වීමේදී සාමාජිකත්වය විසින් නව ව්‍යවස්ථා කෙටුම්පතේ සිංහල පරිවර්තනයක් ඉල්ලා සිටීම නිසා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව ව්‍යවස්ථාව අනුමත කිරීම කල්දැමීමට සිදුවූ බව වාර්තාවේ. පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන්නේ වසර 30කට පසුව බව ද එහිදී වාර්තා වේ.
කෙසේ වූවත් එහිදී නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ විශේෂ කමිටුවේ සභාපති සේනක රණසිංහ මහතා එම විශේෂ මහ සභා රැස්වීමට පැමිණ සිටි සාමාජිකත්වයට ඉංග්‍රීසියෙන් සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පතේ වගන්ති සිංහලෙන් පැහැදිලි කර තිබේ.
සිංහලෙන් සකස් කළ කෙටුම්පතක් තමන්ට ලිඛිතව ලැබිය යුතු බවට විශේෂ මහ සභා රැස්වීමේ දී දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා එය ඉදිරියේ දී ලබාදෙන බවට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පොරොන්දු විය. එම තත්ත්වය කාලය ඉක්මවා යාමත් ඉංග්‍රීසි කෙටුම්පත් දෝෂ හා අඩුපාඩු නිවරැදි කර ගැනීමෙන් පසුව තවත් සති තුනකට නොඅඩු කාලයක දී අලුත් ව්‍යවස්ථාව මහ සභාවට ඉදිරිපත් කිරීමට පාපැදි සම්මේලනයේ සභාපතිවරයා එහිදී එකඟ විය.
ලංකාදීපය කළ විමසුමකදී අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ කලකට පසුව සාර්ථක මහ සභාවක් මෙන්ම මධ්‍යම කමිටු රැස්වීමක් පවත්වා අවසන් කිරීමට සමත් වූ බවත් නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීමෙන් පසුව පාපැදි සම්මේලනයේ නිලවරණයට දින නියම කර ගන්නා බවත්ය.
තෙවැනි පාර්ශ්වයකට සම්බන්ධ විය නොහැකිවන පරිදි මෙවර වඩාත් බලගතු ව්‍යවස්ථාවක් ක්‍රීඩා ඇමැතිවරයාගේද උපදෙස් පරිදි ඉදිරිපත් කිරීමට පාපැදි සම්මේලනය සැරසෙන බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාව අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට ගැලපෙන පරිදි සංශෝධනය කරන ලෙස වසර 2013 සිට ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබේ.
පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයෙකු වන සේනක රණසිංහ මහතා සභාපතිත්වය දරන නව ව්‍යවස්ථා කොටුම්පත් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න, ගෲප් කපිතාන් සුජීවන් සේනාරත්න හා සුමිත් බාලසූරිය යන මහත්වරුන්ය.
මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගිවී සිටි ක්‍රීඩා සමාජ නියෝජිතයෙකු පැවසුවේ පාපැදි සම්මේලනයේ නිලධාරීන් කීපදෙනෙකු නව ව්‍යවස්ථාව කෙටුම්පත පිළිබඳව ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින අතර තවත් නව කෙටුම්පත් සිංහල පරිවර්තනයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි. නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් ‘බෝඞ් ලෑලි’ ක්‍රීඩා සමාජවලට වැට බැඳීමේ නව වගන්තියක් ඉදිරිපත් කර ඇතැයි ද දැනගන්නට ඇත.
ඒ අනුව නව ව්‍යවස්ථාවට අනුව පාපැදි සම්මේලනයේ නිලවරණයේදී මින් ඉදිරියට ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය හිමි වන්නේ අවම වශයෙන් බලපත්‍රලාභී ක්‍රීඩකයන් පස් දෙනෙකු හෝ ලියාපදිංචි කර තිබෙන ක්‍රීඩා සමාජවලට පමණි. එහිදී එම ක්‍රීඩකයන් පාපැදි සම්මේලනය මෙහෙයවූ තරග සඳහා සහභාගිවීම ප්‍රමණවත් නොවන අතර එම තරග ඔවුන් නිමාකර තිබීම ද අනිවාර්ය වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.