Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner වෘත්තීය බොක්සිං තරග ශී‍්‍ර ලංකාවටත් එයි

වෘත්තීය බොක්සිං තරග ශී‍්‍ර ලංකාවටත් එයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ‍්‍රී ලංකාවේදී සංවිධානය කෙරෙන පළමු වෘත්තීය බොක්සිං තරගාවලිය සහ පළමු වෘත්තීය බොක්සිං ශූරතා තරගය හෙට (19 වැනිදා) රත්මලාන ස්ටෙයින් මැදිරියේදී පැවැත්වේ. ලෝක බොක්සිං සංවිධානයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, පිලිපීනය සහ තායිලන්තය නියෝජනය කරමින් ක‍්‍රීඩිකාවෝ සහභාගි වෙති.

ජපානයේ හිටපු සුපිරි මල්ලවපොර ශූරයකු සහ දේශපාලඥයෙකුද වන ඇන්ටෝනියෝ ඉනෝකි මහතාගේ සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. ඇන්ටෝනියෝ ඉනෝකි මහතා වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලන්නේ කීර්තිමත් බොක්සිං ක‍්‍රීඩකයෙකු වන මොහොමඞ් අලී සමග මල්ලවපොර තරගයකට සහභාගි වීම හේතුවෙනි.

ජාත්‍යන්තර බොක්සිං සංගම් බඳ පටිය වෙනුවෙන් බොක්සිං තරගයක් දකුණු ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය. ආධුනික බොක්සිං තරගාවලි පමණක් මීට පෙර මෙරටදී පවත්වා ඇතත් බොක්සිං ක්ෂේත‍්‍රයට නව අත්දැකීමක් එක්කරමින් වෘත්තය බොක්සිං තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

කිලෝ ග‍්‍රෑම් 46 හෙවත් ‘ඇටම්’ බර පන්තියේ ලෝක ශූරීය වන ජපානයේ නාවෝ ඉකෙයාමා සහ පිලිපීනයේ ජුජියාත් නග ඕවා එම බර පන්තියේ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතය. වට 10 කින් සමන්විත මෙම තරගයෙන් ජයගන්නා ක‍්‍රීඩිකාවට ජාත්‍යන්තර බොක්සිං සංවිධාන බඳ පටිය (ශූරතාව) හිමි වේ.

ශූරතා තරගයට අමතරව ‘සුපර් ෆ්ලයි’ බර පන්තියේ ප‍්‍රදර්ශනාත්මක තරගයක්ද පැවැත්වෙනු ඇත. ‘බැන්ටම්’ බර පන්තියේ ලෝක ශූරීය වන ජපානයේ ටමාවෝ ඔසාවා සහ තායිලන්තයේ සිරිලැක් මුවන්ග්චුවෙන් එහිදී තරග වදිති.

මෙම තරගාවලිය හෙට පස්වරු 7.30 සිට සිරස රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. ජපානයේ ෆියුචර් ප‍්‍රමෝෂන්ස් සංවිධානය නියෝජනය කරමින් යසුෂි හිරයාමා මහතා සහ ග්ලෝබල් ස්පෝර්ට්ස් විද්‍යායතනය නියෝජනය කරමින් ඩයිසුකේ කාටෝ මහතා අනුග‍්‍රහාකයින් ලෙස තරගාවලියට සම්බන්ධව සිටිති.

 


- 036


අදහස් (0)

වෘත්තීය බොක්සිං තරග ශී‍්‍ර ලංකාවටත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.