Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner වොස්නියැකිට අනපේක්‍ෂිත පරාජයක්

වොස්නියැකිට අනපේක්‍ෂිත පරාජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකිට විම්බල්ඩන් ශූරතාවලියේ දෙවැනි වටයේදී අදහාගත නොහැකි පරාජයක් අත්කර දීමට රුසියාවේ එක්ටෙරිනා මැක්රෝවා සමත්වූවාය. ඇය මේ තරගයෙන් ලකුණු 6-4, 1-6ක් සහ 7-5 ක ජයක් වාර්තා කරමින් තුන්වැනි වටයට පිවිසීමට සමත්වූවාය.

මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ සෑහෙන දුරක් යාමේ බලාපොරොත්තුවෙන් ලන්ඩනයට පැමිණි වොස්නියැකි දෙවැනි වටයේ තරගය ආරම්භයට පෙර ‘ඔබට  වැඩි දුරක් යාමට ලැබෙන්නේ නෑ‘ යනුවෙන් සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ කණට කොඳුරා කීවත් අන්තිමේදී ගෙදර යාමට සිදුවූයේ ඇයටමය. 

පසුගිය ජනවාරියේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනූ මෙම 27 හැවිරිදි ඩෙන්මාර්ක ක්‍රීඩිකාව මෙවර ලන්ඩනයට පැමිණියේ ලොව ප්‍රබලතම ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයක් වනු ඇතැයි අනාවැකි පළවෙමින් තිබියදීය. 

“ඇය ඉහළ මට්ටමේ දස්කම් දැක්වීමට සමත්වුණා. ඒ වගේම වාසනාවන්ත විදිහට තුන්වැනි වටයට සුදුසුකම් ලබාගත්තා” යයි තරගයේ පරාජයෙන් පසුව වොස්නියැකි කීවාය. 

තිස් හැවිරිදි රුසියානු ක්‍රීඩිකාව මීට පෙර අමෙරිකානු විවෘත තරගාවලියේ දෙවැනි වටයේදීත් වොස්නියැකි පරාජයට පත්කළ ක්‍රීඩිකාව විය. ඊට අමතරව ඇය මීට පෙර දෙවතාවක්ම ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ අවසන් පූර්ව වටය දක්වා යාමට සමත්වූ ක්‍රීඩිකාවකි. ඒ දෙවතාවම වාර්තා වූයේ 2014 සහ 2015 අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේදීය.

- 077


අදහස් (0)

වොස්නියැකිට අනපේක්‍ෂිත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.