Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ඩයන් ගෝමස් අභියෝග ශූරතා කනිෂ්ට බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලයත්, බාලිකා ශූරතාව දිනාගැනීමට හඟුරන්කෙත පල්ලේබෝවල මහ විදුහලත් සමත් විය.
හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය ඩයන් ගෝමස් අභියෝග ශූරතාව පිට පිටම දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර රන් පදක්කම් 4 ක් දිනාගනිමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ. එහි අනුශූරතාව රන් පදක්කම් 2 ක් දිනාගත් රත්නපුර සීවලී මහ විදුහලට හිමි විය.
පල්ලේබෝවල මහ විද්‍යාලය රන් පදක්කම් 3 ක් දිනාගනිමින් බාලිකා ශූරතාවට හිමිකම් කී අතර රන් පදක්කම් 2 ක් දිනාගත් මාතර නාරංදෙණිය ජාතික පාසල විසින් එහි අනුශූරතාව හිමිකර ගන්නා ලදි.
ලයිට් ෆ්ලයි බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 46 - 48) තරග වැදුණ පේරාදෙණිය මහ විදුහලේ එන්. ආර්. බණ්ඩාර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර පින් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 44-46) තරග වැදුණ රත්නපුර සීවලී මධ්‍ය මහ විදුහලේ එච්. ඒ. ඞී. චතුරංග තරගාවලියේ දක්ෂතම පාරාජිතයා ලෙස සම්මාන දිනාගත්තේය.
පින් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 44 - 46) තරග වැදුණ පල්ලෙබෝවල මහ විදුහලේ ඞී. කේ. රණවීර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත්, ෆ්ලයි බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 48-50) තරග වැදුණ විද්‍යාරතන විශ්ව විද්‍යාලයේ එම්. එස්. ගුණවරධන තරගාවලියේ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ සහ කොළඹ පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට දිවයිනේ පාසල් සහ කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගී වූහ.
පල්ලෙබැද්ද මහ විදුහල
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.