Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් මේ දිනවල එම සංගමය අයත් මැටි සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික මට්ටමේ ටෙනිස් තරගාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය.
තරගාවලියේ විවෘත කාන්තා කේවල ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 11 දෙනෙක් සහභාගි වූ අතර එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය පරාජය කරමින් අනීකා සෙනෙවිරත්න කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය. අවසන් මහ තරගයේ පළමු වටයේදී ලකුණු 6/3 ක් ලෙස ජය වාර්තා කළ අනීකා, දෙවැනි වටයේදී සවිනි පරාජය කළේ ලකුණු 6/4 ක් ලෙසිනි.
අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස තුවිනි අල්විස් පරාජය කරමින් අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.
සවිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරමිනි.
කෙසේ වුවත් අනීකා සෙනෙවිරත්න සිය පෞද්ගලික හේතුවක් මත ඉකුත් සතියේදී පැවැති කනිෂ්ඨ (අවුරුදු 16 න් පහළ) ෆෙඞ් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් වැළකී සිටි අතර සවිනි ජයසූරිය, එම තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට දිනාදීම සඳහා ජයග්‍රහණ රැසක් අත්කරදුන් ක්‍රීඩිකාවක් වූවාය.
ෆෙඞ් කුසලාන තරගාවලියේ පෙර සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සෙසු ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් අංජලිකා කුරේරා මෙම තරගාවලියට සහභාගි නොවූ අතර ඔනෙලි පෙරේරාට සහ සෙනුරි ඇලෙක්සැන්ඩර්ට අවසන් පූර්ව වටයේදීම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.