Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශමිල් - මිහිලියා ස්කොෂ් ශූරතා දිනති

ශමිල් - මිහිලියා ස්කොෂ් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 


කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැති 26 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියේ ශූරයා ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ශමිල් වකීල් ද, ශූරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණි ද සම්මාන දිනාගත්හ.

වයස 19 න් පහළ බාලක අවසන් මහ තරගයේදී ලකුණු 11/5, 11/5 සහ 11/4 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ රශේන්ද්‍ර රාජරත්නම් පරාජය කරමින් ශමිල් වකීල් ශූරතාවට හිමිකම් කීවේය. මිහිලියා මෙත්සරණි ඊට හිමිකම් කීවේ වයස 19 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී ලකුණු 11/7, 11/7 සහ 11/4 ක් ලෙස බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ෆාතුම් ඉසඞීන් පරාජය කරමිනි.

ශමිල් වකීල් ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරයා බවට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. ඔහු 2013 සහ 2014 යන වසර වල පැවැති ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලි වලදී වයස 19 න් පහළ අනුශූරතාව දිනාගෙන ඇත.

මිහිලියා මෙත්සරණි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරිය ලෙස පිට පිටම සම්මාන දිනූ 4 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඇය 2012, 2013 සහ 2014 යන වසර වලදීද ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරිය ලෙස සම්මාන දිනා ගත්තාය.  

තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා ලෙස වයස 15 න් පහළ ශූරතාව සහ වයස 17 න් පහළ අනුශූරතාව දිනාගත් කොළඹ රාජකීය විදුහලේ හේෂාන් බාලසූරිය සම්මාන දිනාගත් අතර නැගී එන කී‍්‍රඩිකාව ලෙස වයස 15 න් පහළ ශූරතාව සහ වයස 17 න් පහළ තෙවැනි ස්ථානය දිනාගත් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සමීරා ඞීන් සම්මාන දිනාගත්තාය.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සිලෝන් බිස්කට් සමාගමේ ජාතික අලෙවි කළමනාකරු කි‍්‍රෂාන්ත විලත්ගමුව මහතා සහභාගි විය.


තරග ප‍්‍රතිඵල (පිරිමි)

වයස 9 න් පහළ
ශූරතාව - හිරුණ කෝරලගේ
අනුශූරතාව - මහිම ගුණසේකර

වයස 11 න් පහළ
ශූරතාව - සෙනෙත් පෙරේරා
අනුශූරතාව - සෙනුත් ඩයස්

වයස 13 න් පහළ
ශූරතාව - එම්. අයි. එෆ්. අස්මන්
අනුශූරතාව - ආර්. ටී. රන්දින

වයස 15 න් පහළ
ශූරතාව - හේෂාන් බාලසූරිය
අනුශූරතාව - රවීන් නානායක්කාර

වයස 17 න් පහළ
ශූරතාව - දෘවින්ක පෙරේරා
අනුශූරතාව - හේෂාන් බාලසූරිය

වයස 19 න් පහළ
ශූරතාව - ශමිල් වකීල්
අනුශූරතාව - රශේන්ද්‍ර රාජරත්නම්


තරග ප‍්‍රතිඵල (කාන්තා)

වයස 9 න් පහළ
ශූරතාව - ඒ. ගුණසේකර
අනුශූරතාව - ඞී. සමරනායක

වයස 11 න් පහළ
ශූරතාව - චනිත්මා සිනාලි
අනුශූරතාව - අනර්ගි පෙරේරා  

වයස 13 න් පහළ
ශූරතාව - චනිත්මා සිනාලි
අනුශූරතාව - දෙව්මිණී ගාල්ලගේ

වයස 15 න් පහළ
ශූරතාව - සමීරා ඞීන්
අනුශූරතාව - දෙව්මිණී ගාල්ලගේ

වයස 17 න් පහළ
ශූරතාව - සඳුනි ගුණවර්ධන
අනුශූරතාව - කසුනි ගුණවර්ධන

වයස 19 න් පහළ
ශූරතාව - මිහිලියා මෙත්සරණි
අනුශූරතාව - ෆාතුම් ඉසඞීන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

26 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ශමිල් - මිහිලියා ස්කොෂ් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.