Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ සිවුවැනි අදියර තරගාවලිය හෙට (29 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලිය ‘ආණ්ඩුකාර කුසලාන’ තුරඟ තරගාවලිය ලෙස නම් කර තිබේ.
මෙහිදී ආණ්ඩුකාර කුසලාන (මීටර් 1600), එච්. එන්. බී. ග්‍රාමීන් කුසලාන (මීටර් 1070), බ්ලැක්පූල් හෝටල් කුසලාන (මීටර් 1070), හායි සඟරා කුසලාන (මීටර් 1400), රැජින කුසලාන (මීටර් 2000), අධිවේගී මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ කුසලාන (මීටර් 1400) සහ පෝනි සුභසාධන ලොතරැයි කුසලාන (මීටර් 1000) යන කුසලාන 7 සඳහා තරග පැවැත්වේ.
මෙහි ප්‍රධානතම තරගය වන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය සඳහා තුරඟුන් 7 දෙනෙක් ඉදිරිපත් කර තිබෙන අතර එම තරගය ජය ගන්නා තුරඟාගේ හිමිකරුට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක් හිමිවේ. ඇල්කසබා, සිල්වර් ස්ටී්‍රක්, සන්තෝෂ්, කිංග්ස්ටන් ටවුන්, චුල්බුල් පාණ්ඬේ, චාර්ලිමේන් සහ බි්‍රලියන්ට් කට් එම තරගයේදී තරග වැදීමට නියමිත තුරඟුන් වෙති.
ඒ අතුරන් ඇල්කසබා තුරඟා මෙහෙයවනු ලබන වයි. එස්. ශ්‍රීනාත් සහ චාර්ලිමේන් තුරඟා මෙහෙයවනු ලබන ඒ. විෂ්වනාත් යන අසරුවන් දෙදෙනා අතර ආණ්ඩුකාර කුසලාන දිනාගැනීම සඳහා ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය. එහිදී ඔවුන් දෙදෙනාට කිංග්ස්ටන් ටවුන් තුරඟා මෙහෙයවනු ලබන දීප් ශංකර් අසරුවාගෙන් එල්ල වන අභියෝගයද සුළුපටු කොට සැළකිය නොහැක.
අවසන් වරට පැවැති තුරඟ තරගාවලියේ ප්‍රධානතම තරගය වූ මැජික් මිලියන් කුසලාන තරගය ජයගත් මෙහෙරාන් තුරඟාගේ අසරුවා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් මෙම තරගාවලියට සහභාගි නොවේ. ඒ අනුව මෙවර තරගාවලියේදී මෙහෙරාන් තුරඟා මෙහෙයවීමේ වගකීම දීප් ශංකර්ට හිමිව තිබේ. එහිදී ඔහු මෙහෙරාන් තුරඟා මෙහෙයවමින් තරගාවලියේ වැඩිම දුරකින් සමන්විත තරගය වන රැජින කුසලාන තරගය සඳහා තරග වදියි.
තරග මාලාවේ පළමු තරගාවලිය (නිදහස් දින තුරඟ තරගාවලිය) පෙබරවාරි මස 25 වෙනිදාද, දෙවැනි තරගාවලිය (සෙල්වරත්නම් අභියෝග කුසලාන තරගාවලිය) මේ මස 2 වැනිදාද, තෙවැනි තරගාවලිය (මැජික් මිලියන් කුසලාන තරගාවලිය) මේ මස 16 වැනිදාද පැවැත්විණ.
දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, අනුර දෙල්ගොඩ, ජේම්ස් මැතිව්, අනුක ද සූසා, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, නවීන් මාධව බණ්ඩාර, එම්. සුදාගර්, එස් ලෝගනාදන්, එස්. වී. මදියලගන් සහ හසීබ් මොහොමඞ් යන මහත්ම මහත්මීන් හිමිකාරත්වය දරන තුරඟුන් 49 ක් තරග වැදීමට නියමිතය.
තරග මාලාවේ පළමු වරට මෙම තරගාවලියේදී පළමු කාණ්ඩයේ තුරඟුන්ට සහ දෙවැනි කාණ්ඩයේ තුරඟුන්ට එකට තරග වැදිය හැකි ආකාරයට තරග පෙළගැස්ම සකසවා තිබේ. ඒ අනුව පළමු සහ දෙවැනි කාණ්ඩ දෙකට අයත් තුරඟුන් මෙහිදී ආණ්ඩුකාර කුසලාන සහ රැජින කුසලාන යන තරග 2 සඳහා දෙකට බෙදී තරග වදිති.
මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන වේන් වුඞ් මහතා ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරයි.
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.