Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) සිව්වැනි දිනය (8 වැනිදා) අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 11 දිනා දෙවැනි ස්ථානයේ රැදී සිටියේය.
රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් සමගින් මේ වන විට ශ‍්‍රී ලංකාව දිනා සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 61 කි.
අද දිනයේදී තවත් රන් පදක්කම් 3 ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වුහ. එම රන් පදක්කම් 3 ම පිහිනුම් කී‍්‍රඩාවෙන් හිමිවීම කැපීපෙනෙන සිදුවීමක් වන අතර මැතිව් අබේසිංහ (මීටර 400 මිශ‍්‍ර ආර) සහ කිමිකෝ රහීම් (මීටර 50 නිදහස් ආර සහ මීටර 100 පසුපස ආර) එම රන් පදක්කම් වලට හිමිකම් කීහ.
මැතිව් අබේසිංහ මේ දක්වා මෙම තරගාවලියේදී රන් පදක්කම් 5 ක් දිනා සිටින අතර කිමිකෝ රහීම් දිනා සිටින රන් පදක්කම් සංඛ්‍යාව 3 කි.
ඉන්දියාව රන් පදක්කම් 53 ක්, රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා පදක්කම් සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර පාකිස්තානය රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් දිනා එහි තෙවැනි ස්ථානයේ පසුවිය.
රට |
රන් | රිදී | ලෝකඩ | එකතුව | |
ඉන්දියාව |
![]() |
53 | 20 | 6 | 79 |
ශ්‍රී ලංකාව |
![]() |
11 | 27 | 23 | 61 |
පාකිස්තානය |
![]() |
4 | 11 | 14 | 29 |
බංග්ලාදේශය |
![]() |
3 | 7 | 21 | 31 |
නේපාලය |
![]() |
1 | 4 | 7 | 12 |
ඇෆ්ගනිස්තානය |
![]() |
0 | 2 | 5 | 7 |
භූතානය |
![]() |
0 | 1 | 1 | 2 |
මාලදිවයින |
|
0 | 0 | 1 | 1 |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.