Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකාවට පළමු දිනයේදී පදක්කම් 5ක්

ශ්‍රී ලංකාවට පළමු දිනයේදී පදක්කම් 5ක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ඊයේ (8 වැනිදා) පැවැති ඉසව්වලදී රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගාවලියට සහභාගි වී සිටින රටවල් 44 අතරින් 26 ක්ම මේ වන විට පදක්කම් ලබා සිටින අතර ශ්‍රී ලංකාව පසුවන්නේ එහි 13 වැනි ස්ථානයේය.

ඊයේ පැවැති ටී.42/63 කාණ්ඩයේ (පිරිමි) මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අමිල ප්‍රසන් සමත් විය. ඔහුට එම ඉසව්ව නිමා කිරීම සඳහා ගතවූ කාලය තත්පර 25.01 කි. එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දෙකද ශ්‍රී ලංකාව සතු වූ අතර පිළිවෙලින් උපුල් ඉන්දික (තත්පර 26.08) සහ චරිත නිර්මල (තත්පර 26.59) එම පදක්කම් වලට හිමිකම් කීහ.

එෆ්.42-44/61-64 කාණ්ඩයේ (පිරිමි) හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සහ ටී.45/46/47 කාණ්ඩයේ (කාන්තා) දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් දෙකක් හිමිවිය. මීටර 59.32 ක දුරක් හෙල්ල විසිකරමින් චමින්ද සම්පත්ද, මීටර් 4.51 ක දුරක් පනිමින් අමරා ඉන්දුමතීද එම පදක්කම් දිනාගත්හ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමිත දුලාන් (හෙල්ල විසිකිරීම) සහ කුමුදු ප්‍රියංකා (දුර පැනීම) ද එම ඉසව් දෙකට සහභාගි වූහ. එහිදී මීටර් 46.57 ක දුරක් හෙල්ල විසිකළ දුලාන්ට මෙන්ම මීටර් 4.41 ක දුරක් වාර්තා කළ ප්‍රියංකාටද සිවුවැනි ස්ථානවලන් සෑහීමකට පත්වීමට සිදුවූහ.

 

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පළමු දිනයේදී පදක්කම් 5ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.