Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්ත විවෘත, බැංකොක් කුසලාන සහ මැලේසියානු විවෘත යන ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලිවලදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ඇතුළුව පදක්කම් 7 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
එහිදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම තායිලන්ත විවෘත තරගාවලියේදී දිනා දීමට ආර්. ඒ. රණවීර සමත් වූ අතර එම තරගාවලියේ කේවල අවසන් මහ තරගය අතරමග නතර කිරීම හේතුවෙන් එහිදී රණවීර සමග තරග වැදුණ කොරියාවේ සුං බොං හන්ටද රන් පදක්කමක් හිමිවිය. අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් අතරමග නතර කරන විට තරග වට 1-0 ක් ලෙස රණවීර ඉදිරියෙන් සිටියේය.
ඩී. එස්. ධර්මසේන සමග එක්ව එම තරගාවලියේ යුගළ ඉසව්වට සහභාගි වූ රණවීරට යුගළ ඉසව්වේ අවසන් පූර්ව වටයේදී තායිලන්තයේ සුතී කොලෝංරුවා සහ සුම්රේන් ක්රුවාමි හමුවේ පරාජයට පත්වීම නිසා ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.
බැංකොක් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම 2 ක් දිනා දීමට රණවීර සහ ධර්මසේන සමත් වූහ. ඉන් රිදී පදක්කම යුගළ තරග ඉසව්වෙන්ද, ලෝකඩ පදක්කම් 2 කේවල ඉසව්වෙන්ද හිමි විය.
යුගළ අවසන් මහ තරගේදී තායිලන්තයේ සුතී කොලෝංරුවා සහ සුම්රේන් ක්රුවාමි හමුවේ පරාජයට පත් වූ රණවීර සහ ධර්මසේන, කේවල අවසන් පූර්ව වටයේ තරගවලදී පිළිවෙලින් කොරියාවේ හෝ වොන් ඉම් සහ තායිලන්තයේ සුතී කොලෝංරුවා හමුවේ පරාජයට පත් වූහ.
එම තරගාවලි දෙකෙන් පසුව පැවැති මැලේසියානු විවෘත තරගාවලියේදී කේවල ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට මෙරට ප්‍රවීණ රෝද පුටු ටෙනිස් ක්‍රීඩක ගාමිණි දිසානායක සමත් විය. එම ඉසව්වේ අවසන් මහ තරගයේදී කොරියාවේ හෝ වොන් ඉම් හමුවේ පරාජයට පත් වීම නිසා ගාමිණීට රන් පදක්කමක් දිනාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.
පෙර තරගාවලිවලදී මෙන්ම මෙම තරගාවලියේදීද යුගළ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට රණවීර සහ ධර්මසේන සමත් වූ අතර එහිදී ඔවුන් පරාජයට පත්වූයේ කොරියාවේ හෝ වොන් ඉම් සහ ජී හවාන් ලී හමුවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.