Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකාව 6-0 කින් කසකස්තානය පරදවයි

ශ්‍රී ලංකාව 6-0 කින් කසකස්තානය පරදවයි

Nisanka Sandeepani - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


2018 ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියට මූලික සුදුසුකම් ලැබීමේ තරගය සඳහා ඕමානයේ මස්කට් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම සහභාගී වූ ප්‍රථම තරගයේදී ගෝල 6-0 කින් කසකස්ථානය පරාජය කිරීමට සමත් විය. 

ආසියානු කලාපයේ රටවල් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගය යටතේ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩයෙන් තරග වදින අතර සත්කාරක ඕමානය, කසකස්ථානය සහ චීන තායිපේ තරග වදින සෙසු කණ්ඩායම් වෙති.

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ඊයේ (8 වැනිදා) පැවති තරගයේදී කිසිදු අභියෝගයකින් තොරව ශ්‍රී ලංකාව ජය ගැනීම විශේෂත්වය විය.

මෙම තරගයේ දී ධම්මික රණසිංහ ගෝල 2ක් (22 සහ 48 මිනිත්තු) ලබාගත් අතර රජිත කුලතුංග (23 මිනිත්තුවේදී), අනුරුද්ධ රත්නායක (45 වැනි මිනිත්තුවේදී), දමිත් බණ්ඩාර (48 වැනි මිනිත්තුවේදී) සහ සඳරුවන් සුදසිත් (43 වැනි මිනිත්තුවේදී) ගෝල ලබාගත්හ. 

මේ අතර ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට (10 දා) ඕමානය සමඟ ද තෙවැනි තරගය 12 දා චීන තායිපේ සමඟ ද පැවැත්වේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 6-0 කින් කසකස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.