Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකා කණ්ඩායම් වලට 5-8 ස්ථාන

ශ්‍රී ලංකා කණ්ඩායම් වලට 5-8 ස්ථාන

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ සයිබර්ජයා නුවරදී පැවැති ආසියානු වයස 18 න් පහළ 3x3 පැසිපන්දු තරගාවලියේ 5 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා බාලක කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමිවූයේ තරගාවලියේ 8 වැනි ස්ථානයයි.

තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට චීනය සමත් වූ අතර බාලිකා ශූරතාව දිනාගැනීමට ඉන්දුනීසියාව සමත් විය. පිරිමි අනු ශූරතාව චීන තායිපේ කණ්ඩායමටද, කාන්තා අනු ශූරතාව මැලේසියානු කන්ඩායමටද හිමිවිය.

ජපානය (16-15) සහ කරිගිස්තානය (20-17) පරාජය කරමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා බාලක කණ්ඩායම සමත් විය. එහෙත් තරගාවලියේ බාලක ශූරතාව දිනාගත් චීනය හමුවේ එහිදී ලකුණු 21-12 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඔවුන්ට අවසන් පූර්ව වටයට යෑමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.

තරගාවලියේදී එක් එක් කණ්ඩායම් ලබාගත් ජයග්‍රණ සංඛ්‍යාවන් අනුව ඒ ඒ කණ්ඩායම් වල ස්ථාන තීරණය කෙරුණ අතර එහිදී ශ්‍රී ලංකාව සහ මැලේසියාව ජයග්‍රහණ 2 බැගින් ලබා සම තත්ත්වයේ පසු විය. කෙසේ වුවත් සමස්ත තරගාවලියේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් අනුව ගත් කළ මැලේසියාවට වඩා ලකුණු 3 ක් ඉදිරියෙන් සිටීම නිසා ශ්‍රී ලංකාවට බාලක තරගාවලියේ 5 වැනි ස්ථානය හිමිවිය.

කසකස්තානය (15-13) පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ අනු ශූරියන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සමත් විය. එහෙත් තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගත් ඉන්දුනීසියාව හමුවේ එහිදී ලකුණු 21-7 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඔවුන්ට තරගාවලියේ 8 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සමත් විය.

මෙම තරගාවලියේදී බෙන් දේවකුමාර (නායක), ෂිවංග ද සිල්වා, රුක්ෂාන් අතපත්තු සහ රෂාන් පෙරේරා ශ්‍රී ලංකා බාලක කණ්ඩායම නියෝජනය කළ අතර සෙලෝමි ගුණසේකර (නායිකා), ටානියා පෙරේරා, හසීනා අබ්දුල් සහ සඳුලි ලියනගේ බාලිකා කණ්ඩායම නියෝජනය කළහ.

ආසියානු පැසිපන්දු සංගමයේ මෙහෙයවීමෙන් පැවැති මෙම තරගාවලය සඳහා රටවල් 16 ක් නියෝජනය කරමින් බාලක සහ බාලිකා කණ්ඩායම් 32 ක් ක් සහභාගි විය.

 

(ඡායාරූප - අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම් වලට 5-8 ස්ථාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.