Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 22 වැනිදා ආරම්භ වන චීන කනිෂ්ඨ සහ අධුනික (විවෘත) මේසපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (19 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. චීන මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය මෙම 26 වැනිදා දක්වා චීනයේ තායිකැංග් නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වන අතර කනිෂ්ඨ තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා බැගින්ද, ආධුනික තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින්ද තරග වැදීමට නියමිතය.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ දිනේෂ් කවිෂ්ක බාලක කනිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය දරන අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කවින්ද්‍යා ශේෂාදී බාලිකා කනිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය දරන්නීය.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන බාලක ආධුනික කණ්ඩායමේ නායකත්වය දරන අතර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඔෂිනි දිසානායක බාලිකා ආධුනික කණ්ඩායමේ නායකත්වය දරන්නීය.
මේ මස 11 සහ 12 යන දින වලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති තෝරාගැනීමේ තරගාවලියකින් මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම තෝරාගත් බව ශ්‍රී ලංකා මේසපන්දු සංගමලේ ලේකම් කසුන් උදාර මහතා ‘ලංකාදීප’ යට කියා සිටියේය.
සුසිල් රාමනායක මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කරන අතර දීපිකා රොද්‍රිගූ මහත්මිය පුහුණුකාරිණිය ලෙසද, සඳුනි හිරෝෂිමා මහත්මිය බාලිකාවන් බාර නිලධාරිණිය ලෙසද කණ්ඩායමට එක්ව සිටිති.
බාලක කනිෂ්ඨ කණ්ඩායම
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය), සන්දේෂ් නිශ්ශංක (කොළඹ ආනන්ද විද්‍යාලය), චරිත් ගල්හේනගේ (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) සහ විරුනක හෙන්දහේවා (කොළඹ රාජකීය විද්‍යාලය)
බාලිකා කනිෂ්ඨ කණ්ඩායම
කවින්ද්‍යා ශේෂාදී (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), සඳමිණි කුලරත්න (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය), භාග්‍යා තෙන්නකෝන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) සහ සයුරි රන්මිණි (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
බාලක ආධුනික කණ්ඩායම
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල), දිනංස බණ්ඩාර (තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල) සහ උදේෂ් දංගල්ල (තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල)
බාලිකා ආධුනික කණ්ඩායම
ඔෂිනි දිසානායක (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය), දිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී විද්‍යාලය) සහ සමාධි හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.