Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ඕමානයේ මස්කට් නුවරදී පැවැති පිරිමි හොකී තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාවද ඇතුළුව සුදුසුකම් ලබාගැනීම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් 4 ටම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ වරම් හිමි විය.
ඒ අනුව සුදුසුකම් ලබාගැනීම තරගාවලියේ ශූරයන් බවට පත්වූ ඕමානය, අනු ශූරයන් වූ බංග්ලාදේශය සහ සිව්වැනි ස්ථානයට පත්වූ තායිලන්තයද ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්හ.
බංග්ලාදේශයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ගෝල 3-2 ක තියුණු පරාජයක් ලැබීමට නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයට සහභාගි වීමට සිදුවිය. එහිදී තායිලන්තයට එරෙහිව ගෝල 4-1 ක පහසු ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.
අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ගෝල 2 ට හිමිකම් කීමට සඳරුවන් සුදුසිංහ (34 වැනි මිනිත්තුවේදී) සහ ධම්මික රණසිංහ (51 වැනි මිනිත්තුවේදී) සමත් වූහ. තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී ගෝල 2 ක් ලබාගැනීමට සඳරුවන් සුදුසිංහ (22 වැනි සහ 34 වැනි මිනිත්තුවලදී) සමත් වූ අතර අනුරාධ රත්නායක (20 වැනි මිනිත්තුවේදී) සහ ධම්මික රණසිංහ (27 වැනි මිනිත්තුවේදී) ගෝලය බැගින් ලබාගත්හ.
මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව, එහිදී කසකස්තානයට එරෙහිව ගෝල 6-0 ක ජයක්ද, චීන තායිපේට එරෙහිව ගෝල 4-1 ක ජයක්ද අත්කරගමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.
මූලික වටයේදී ගෝල 5-1 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස අවසන් පූර්ව වටයට පිවිසි ඕමානය, එහිදී ගෝල 8-0 කින් තායිලන්තයද, අවසන් මහ තරගයේදී ගෝල 2-0 ක් කින් බංග්ලාදේශය පරාජය කරමින් තරගාවලියේ ශූරයන් බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.