Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙස්ට් සංගමය සංවිධානය කරන ‘එෆ්-2 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ශාමල් දිසානායක අද (20 වැනිදා) සමත් විය.
ඒ අනුව හෙට (21 වැනිදා) පෙරවරු 9.30 ට පැවැත්වෙන තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී තායිලන්තයේ පෘච්‍යා ඉසරෝට එරෙහිව ශාමල් තරග බිමට පිවිසීමට නියමිතය.
මූලික වටයේදී තරගයකදී වට 2-1 ක් ලෙස යුක්රේනයේ ලැඩිස්ලැව් ඕර්ලොව් පරාජය කළ ශාමල්, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස තායිලන්තයේ චැන්චායි සූක්ටොන් පරාජය කරමිනි.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 48 දෙනෙක් සහභාගි වී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.