Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 103 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශාමල් දිසානායකද, විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරාද සමත් වූහ.
ඉතා තියුණු මුහුණුවරක් ගත් පිරිමි කේවල අවසන් තරගයේදී වට 2-1 කින් දිනේෂ්කාන්තන් තංගරාජා පරාජය කිරීමට ශාමල් දිසානායක සමත් විය. ලකුණු 6/2 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට ශාමල් සමත් වුවද, ලකුණු 6/3 ක් ලෙස දෙවැනි වටය ජයගැනීමට දිනේෂ්කාන්තන් සමත් වීමත් සමග තරගය සම තත්වයට පත්විය. කෙසේ වුවත් දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටයේදී ලකුණු 7/5 ක තියුණු ජයක් ලැබූ ශාමල්, වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
කාන්තා අවසන් මහ තරගයේදී වට 2-0 කින් අනිකා සෙනෙවිරත්න පරාජයට කිරීමට අංජලිකා කුරේරා සමත් වූවාය. තියුණු තරගයකින් අනතුරුව ලකුණු 7/6 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගත් අංජලිකා, දෙවැනි වටයේදී අනිකාට එරෙහිව ලකුණු 6/2 ක පහසු ජයක් වාර්තා කළාය.
කේවල අවසන් තරගවලදී පරාජයට පත්වුවද, සිය සහායකයන් සමග එක්ව යුගල අවසන් තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට දිනේෂ්කාන්තන් සහ අනිකා සමත් වූහ. පිරිමි යුගල අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස මුෆාසිල් හොසේන් සහ චාතුර්ය නිලවීර පරාජය කිරීමට දිනේෂ්කාන්තන් සහ සංජීව් මෝහන්කුමාර් සමත් වෙද්දී, අනිකා සහ ඇලනා සෙනෙවිරත්න කාන්තා යුගල අවසන් තරගය ජයගත්තේ වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි සහ අන්‍යා ගුණවර්ධන පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.
තරග ප්‍රතිඵල
පිරිමි කේවල
පිරිමි යුගල
කාන්තා කේවල
කාන්තා යුගල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.