Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශාමල් - දිනේෂ්කාන්තන් අවසන් පූර්ව වටයට එති

ශාමල් - දිනේෂ්කාන්තන් අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර (100 ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක  සහ දිනේෂ්කාන්තන් තංගරාජා අද (19 වැනිදා) සමත් වූහ.

අද පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට 3-0 ක් ලෙස යසිත ද සිල්වා  පරාජය කරමින් ශාමාල් දිසානායක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ ලකුණු තත්ත්වය 6/3 ක්, 6/1 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය.

ජාතික ටෙනිස් (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවන යසිත ද සිල්වා, එහි 11 වැනි ස්ථානයේ පසුවන ශාමාල් දිසානායක හමුවේ පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.

වැඩි දෙනාගේ අවධානය යොමුවී තිබූ ඉකුත් වසරේ කේවල (පිරිමි) ජාතික ශූරතාව දිනාගත් පාකිස්තානු ජාතික හීරා ආෂික් සහ දිනේෂ්කාන්තන් තංගරාජා අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් වට 3-2 ක තියුණු ජයක් අත්කරගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සමත් විය.

එම තරගයේ පළමු වටයෙන් ලකුණු 6/2 ක පහසු ජයක් අත්කර ගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සමත් වුවත්, දෙවැනි සහ තෙවැනි වට වලදී පිළිවෙලින් ලකුණු 7/5 ක සහ 7/6 ක තියුණු ජයග‍්‍රහණ වාර්තා කරමින් වට 3 ක් නිමා වන විට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට හීරා ආෂික් සමත් විය.

ආක‍්‍රමණ ශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කරමින් නැවතත් තරගයට අවතීර්ණ වූ දිනේෂ්කාන්තන් තංගරාජා, ලකුණු 6/3 ක් ලෙස සිව්වැනි වටය ජය ගනිමින් වට 2-2 ලෙස තරගය සම තත්ත්වයට පත්කළේ එහි තරගකාරීත්වය තවත් වැඩි කරවමිනි.

කී‍්‍රඩකයන් දෙදෙනාටම තීර්ණාත්මක වූ පස්වැනි සහ අවසන් වටයේදී ලකුණු 6/3 ක් ලෙස හීරා ආෂික් පරාජයට පත්කළ දිනේෂ්කාන්තන් තංගරාජා තරග වට 3-2 ලෙස සමත්ත තරගයේ ජය තමන් සතු කරගත්තේය. තංගරාජා මේ වන විට තෙවරක් (2011, 2012 සහ 2013 වසර වලදී) ජාතික ශූරතාවට හිමිකම් කියා ඇත.

මින් පෙර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ප‍්‍රශාන්ත් සෙල්වරාජ් පරාජය කරමින් පාකිස්තානු ජාතික තන්වීර් ආෂික්ද, විමුක්ත ද සිල්වා පරාජය කරමින් සංඛ අතුකෝරාලද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියහ.

ඒ අනුව හෙට (20 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග වලදී ශාමාල් දිසානායකට එරෙහිව තන්වීර් ආෂික්ද, දිනේෂ්කාන්තන් තංගරාජාට එරෙහිව සංඛ අතුකෝරලද තරග වැදීමට නියමිතය.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරයි.


විවෘත පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල

  • ශාමාල් දිසානායක විසින් තරග වට 3-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කරන ලදි. (6/3, 6/1, 6/4)
  • දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට 3-2 ක් ලෙස හීරා ආෂික් පරාජය කරන ලදි. (6/2, 5/7, 6/7, 6/3, 6/3)

අදහස් (0)

ශාමල් - දිනේෂ්කාන්තන් අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.