Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශා. ජෝෂප් - මහාමායා කුසලානයට අතේ දුරින්

ශා. ජෝෂප් - මහාමායා කුසලානයට අතේ දුරින්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ’ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ තෙවැනි දිනය වූ සෙනසුරාදා (25 වැනිදා) තරග අවසානයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල බාලක අංශයෙන්ද, මහනුවර මහමායා විදුහල බාලිකා අංශයෙන්ද පෙරමුණ ගෙන සිටියේය.

කණ්ඩායම් බාලක ශූරතාව සඳහා ඉදිරියෙන් සිටින ශාන්ත ජෝශප් විදුහල ලකුණු 481.50 ක් ලබා සිටින අතර කොළඹ රාජකීය විදුහල ලකුණු 317.50 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. ආනන්ද විදුහල තෙවැනි දිනය අවසානයේදී ලකුණු 202 ක් ලබා තුන්වැනි තැන සිටියේය.

මහමායා විදුහල බාලිකා කණ්ඩායම් ශූරතාව අබියස සිටින්නේ ලකුණු 410 ක් ලබාගනිමිනි. ඊයේ දිනය අවසානයේදී කොළඹ විශාඛා විදුහල (ලකුණු 280) සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් බාලිකා කණ්ඩායම් (ලකුණු 261) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවූහ.

 තෙවැනි දිනයේදී තවත් නව තරගාවලි වාර්තා නවයක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වුහ. තරගාවලියේ දින තුනක් අවසානයේදී නව තරග වාර්තා 27 ක් බිහි වී තිබේ. ඊයේ දිනයේද වාර්තාව බැගින් පිහිටු වු සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විනෝලි කළුආරච්චි සහ කොළඹ නාලන්දා විදුහලේ බී. දිලංක ශිහාන් මේ වන විට වාර්තා තුන බැගින් පිහිටුවීමට සමත්ව සිටිති.

මහනුවර මහාමායා විදුහලේ උත්තමා සිල්වා, 17 න් පහළ වයස් කාණ්ඩයේ මීටර 400 නිදහස් ආර සහ මීටර 200 නිදහස් ආර බාලිකා ඉසව් දෙකෙන් නව වාර්තා දෙකක් පිහිටුවුවාය.

ඉන්දුනීසියාවේ පැවැති 5 වැනි ආසියානු පාසල් පිහිනුම් තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් දිනාගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ද නව වාර්තා දෙකක් පිහිටුවා තිබේ.

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් දිනය අද (26 වැනිදා)යි

 

තෙවැනි දිනයේ (25) වාර්තා පිහිටු වු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:

■    වයස 17 න් පහළ මීටර 400 නිදහස් ආර (බාලිකා) ජ්‍යෙෂ්ඨ
උත්තමා සිල්වා (මහනුවර මහාමායා, වි.4.තත්.56.58) - පෙර වාර්තාව: චමෝදි ෆොන්සේකා (වි.5.තත්.05.30, 2014 දී)

■    වයස 17 න් පහළ මීටර 400 නිදහස් ආර (බාලක) ජ්‍යෙෂ්ඨ
බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, වි.4.තත්.22.34) - පෙර වාර්තාව: සී. එම්. එන්. හුලංගමුව (වි.4.තත්.25.59, 2013 දී)

■    වයස 15 න් පහළ මීටර 200 සමනල ආර (බාලක) ජ්‍යෙෂ්ඨ
දීලක ජයතිලක (කොළඹ ආනන්ද, වි.2.තත්.24.41) - පෙර වාර්තාව: ඉෂාර අබේරත්න (වි.2.තත්.27.17, 2014දී)

■    වයස 19 න් පහළ මීටර 200 සමනල ආර (බාලක) ජ්‍යෙෂ්ඨ
කේ. ඉමේෂ් චතුරංග (කොළඹ ඩී.එස්.සේනානායක, වි.2.තත්.13.54) - පෙර වාර්තාව : ගෙහාරි දුලපන්දන් (වි: 2 තත් 15.05. 1994 දී)

■    වයස 17 න් පහළ මීටර 50 පසුපස ආර (බාලිකා) ජ්‍යෙෂ්ඨ
විනෝලි කළුආරච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක, තත්.31.21) - පෙර වාර්තාව: නදීරා ජයසේකර (තත්.32.86, 2012 දී)

■    වයස 17 න් පහළ මීටර 50 පසුපස ආර (බාලක) ජ්‍යෙෂ්ඨ
අකලංක පීරිස් (බම්බලපිටිය ශා.පීතර, තත්. 27.75) - පෙර වාර්තාව: ඉමේෂ් චතුරංග (තත්.28.63, 2014 දී)

■    වයස 15 න් පහළ මීටර 50 ළය ආර ඉසව්ව (බාලිකා) ජ්‍යෙෂ්ඨ
රමුදි සමරකෝන් (විශාඛා, තත්.36.64) - පෙර වාර්තාව: මිනේකා කරුණාරත්න (තත්.36.73, 2007 වසරේදී)

■    වයස 15 න් පහළ මීටර 50 ළය ආර ඉසව්ව (බාලක) ජ්‍යෙෂ්ඨ
සී.ආර්.යෝගරත්නම් (මහනුවර ශා. අන්තෝනි, තත්.31.78) - පෙර වාර්තාව: ප්‍රනීත් උඩුමලගල (තත්.32.39, 2010 වසරේදී)

    වයස 17 න් පහළ මීටර 200 නිදහස් ආර (බාලිකා) ජ්‍යෙෂ්ඨ
උත්තමා සිල්වා (මහනුවර මහාමායා, වි.2.තත්.19.65) - පෙර වාර්තාව: හිමානි විතානගේ (වි.2.තත්.22.13, 2014 වසරේදී)

 

‘මයිලෝ’ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය (තෙවැනි දිනය)

(ඡායාරූප - ඉෂාන් සංජීව)


අදහස් (0)

ශා. ජෝෂප් - මහාමායා කුසලානයට අතේ දුරින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.