Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කළ ‘මයිලෝ’පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ බාලක කණ්ඩායම් ශූරතාව 13 වැනි වරටත් දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. මහනුවර මහමායා විදුහල් පිහිනුම් කණ්ඩායම බාලිකා ශූරතාව 18 වැනි වරටත් දිනා ගනිමින් දස්කම් දැක්වීය.
සිවු දිනක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති මෙම තරගාවලිය අද (26) පස්වරුවේ අවසන් විය.
කොළඹ ශාන්ත ජෝශප් විදුහල ලකුණු 514.50 ක් ලබාගනිමින් ශූරතාව දිනා ගත් අතර කොළඹ රාජකීය විදුහල ලකුණු 331.50 ක් ලබා බාලක අංශයේ දෙවැනි ස්ථානය ලැබීය. කොළඹ ආනන්ද විදුහලට (ලකුණු 176) තෙවැනි ස්ථානය හිමිවිය.
මහනුවර මහමායා විදුහල බාලිකා කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ලකුණු 470 ක් ලැබීය. කොළඹ විශාඛා විදුහල ලකුණු 279 ක් ලබා දෙවැනි ස්ථානය ද, මියුසියස් විදුහල ලකුණු 179.50 ක් ලබා තෙවැනි ස්ථානය ද හිමිකර ගත්තේය.
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විනෝලි කඵආරච්චි සහ කොළඹ නාලන්දා විදුහලේ බී. දිලංක ශිහාන් වාර්තා තුන බැගින් පිහිටුවමින් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වුහ. දිලංක සහ විනෝලි 17 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෙස සම්මාන ද ලැබුහ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර සහ නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:
15 න් පහළ (බාලක)
■ ස්ටෙෆාන් පෙරේරා (කොළඹ ගේට්වේ, නව වාර්තා 1 යි)
15 න් පහළ (බාලිකා)
■ රමුදි සමරකෝන් (විශාඛා, නව වාර්තා 2 යි)
17 න් පහළ (බාලක)
■ බී.දිලංක ෂෙහාන් (කොළඹ නාලන්දා, නව වාර්තා 3 යි)
17 න් පහළ (බාලිකා)
■ විනෝලි කඵආරච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක, නව වාර්තා 3 යි)
■ කේ.ඒ.හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර, නව වාර්තා 2 යි)
19 න් පහළ (බාලක)
■ කේ.ඉමේෂ් චතුරංග (ඩී.එස්.සේනානායක, නව වාර්තා 1 යි)
19 න් පහළ (බාලිකා)
■ ෂෙලීනා පීරිස් (විශාඛා, නව වාර්තා 1 යි)
■ විනෝලි සිරිවර්ධන (මහනුවර මහමායා, නව වාර්තා 1 යි)
මයිලෝ පාසල් පිහිනුම් තරගාවලියේ (අවසන් අදියර) විශේෂ අවස්ථා ...
(ඡායාරූප : ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.