Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලංකාවට ඬේවිස් කුසලාන ටෙනිස් ජයක්

ශී‍්‍ර ලංකාවට ඬේවිස් කුසලාන ටෙනිස් ජයක්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

‘බි. එන්. පී. පරිබාස්’ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ (II වැනි කොටසේ) ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර පැවැති තරගාවලියෙන් තරග 32 ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත්විය.
 
තරගාවලියේ පළමු දිනයේ කේවල තරග 2 ක් පැවැති අතර එහිදී තරග වට 3-0 ක් ලෙස දිනේෂ් කාන්තන් තංගරාජා පරාජය කළ දෝ මින් කුවාන්ද, තරග වට 3-0 ක් ලෙස ගුයේන් හොවාන් තියේන් පරාජය කළ හර්ෂණ ගොඩමාන්නද ජය වාර්තා කළහ. ඒ අනුව පළමු දිනය අවසන් වන විට දෙපිලම 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවූහ.

දෙවැනි දිනයේදී යුගල තරගය පැවැති අතර එහිදී හර්ෂණ ගොඩමාන්න සහ ශාමල් දිසානායක එක්ව තරග වට 3-0 ක් ලෙස එල්. කියු. ඛාන් සහ දෝ මින් කුවාන් පරාජය කරමින් තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්වූහ.

තෙවැනි දිනයේදී පැවැති පළමු කේවල තරගයෙන් ශාමල් දිසානායක පරදවා තරග වට 3-0 ක ජයක් වාර්තා කිරීමට ගුයේන් හොවාන් තියෙන් සමත්වීමත් සමග නැවත වරක් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්විය.

ඒ අනුව තෙවැනි දිනයේ පැවැති දෙවැනි සහ අවසන් කේවල තරගය ඉතාමත් තීරණාත්මක තරගයක් බවට පත්වූ අතර එහිදී තරග වට 3-0 ක් ලෙස දෝ මින් කුවාන් පරාජය කළ හර්ෂණ ගොඩමාන්න, ශ්‍රී ලංකාවට මේ වසරේ ලද පළමු ඬේවිස් කුසලාන ටෙනිස් ජය අත් කරදුන්නේය.


තරග ප‍්‍රතිඵල

පළමු දිනය -

  • දෝ මින් කුවාන් විසින් තරග වට 3-0 ක් ලෙස දිනේෂ් කාන්තන් තංගරාජා පරාජය කරන ලදී. (6/3, 6/4, 6/4)
  • හර්ෂණ ගොඩමාන්න විසින් තරග වට 3-0 ක් ලෙස ගුයේන් හොවාන් තියේන් පරාජය කරන ලදී. (6/2, 6/3, 6/2)

දෙවැනි දිනය -

  • හර්ෂණ ගොඩමාන්න සහ ශාමල් දිසානායක විසින් තරග වට 3-0 ක් ලෙස එල්. කියු. ඛාන් සහ දෝ මින් කුවාන් පරාජය කරන ලදහ. (6/4, 7/5, 6/3)

තෙවැනි දිනය -

  • ගුයේන් හොවාන් තියේන් විසින් තරග වට 3-0 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කරන ලදී. (6/2, 6/3, 6/4)
  • හර්ෂණ ගොඩමාන්න විසින් තරග වට 3-0 ක් ලෙස දෝ මින් කුවාන් පරාජය කරන ලදී. (6/3, 7/5, 6/0)

ඡයාරූපය - ශානුක අරවින්ද


අදහස් (2)

ශී‍්‍ර ලංකාවට ඬේවිස් කුසලාන ටෙනිස් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.