Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 9 වැනි ශ්‍රී ලංකා විවෘත රෝදපුටු ටෙනිස් තරගාවලිය සඳහා විදෙස් රටවල් 11 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 47 ක් සහභාගි වෙති. අද (19 වැනිදා) ආරම්භ වූ මෙම තරගාවලිය අනිද්දා (21 වැනිදා) දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
චීනය නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 14 දෙනෙක්ද, දකුණු කොරියාව නියෝජනය කරමින් 8 දෙනෙක්ද, මැලේසියාව නියෝජනය කරමින් 6 දෙනෙක්, දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් 4 දෙනක්ද, ඉන්දියාව නියෝජනය කරමින් 4 දෙනක්ද, ස්පාඤ්ඤය නියෝජනය කරමින් 3 දෙනක්ද, ඉරාකය නියෝජනය කරමින් 3 දෙනක්ද, ප‍්‍රංශය නියෝජනය කරමින් 2 දෙනක්ද, හංගේරියාව නියෝජනය කරමින් 2 දෙනක්ද, රුසියාවෙන් සහ ජපානයෙන් එක් කී‍්‍රඩකයෙක් බැගින්ද මෙවර තරගාවලියට එක්ව සිටිති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 12 ක් වන අතර අංක එකේ රෝදපුටු ටෙනිස් කී‍්‍රඩක යුගලය වන ගාමිණි දිසානායක සහ උපාලි රාජකරුණා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම බලාපොරාත්තුව බවට පත්ව තිබේ.
මෙම තරගාවලියෙන් අනතුරුව තවත් රෝද පුටු ටෙනිස් තරගාවලි දෙකක් ශ්‍රී ලංකාවේදී පැවැන්වෙන අතර ඉන් පළමු වැන්න ලෙස එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය සංවිධානය කරන එස්. එස්. සී. විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලිය මේ මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඉන් අනතුරුව බී. එන්. පී. පරිබාස් ලෝක රෝද පුටු ටෙනිස් තරගාවලිය සඳහා ආසියානු කලාපයේ සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලිය මේ මස 27 වැනිදා සිට මාර්තු මස 1 වැනිදා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව චීන තායිපේ, චීනය, මැලේසියාව, යේමනය සහ ඉරානය යන රටවල් නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පමණක් එම තරගාවලියට සහභාගි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.