Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලාංකිකයෝ ඉසව් 7 ක් දිනති

ශී‍්‍ර ලාංකිකයෝ ඉසව් 7 ක් දිනති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකාවේදී පළමුවරට සංවිධානය කෙරුණු අධි මැරතන් ජාත්‍යන්තර මාර්ග ධාවන තරගාවලියේදී ඉසව් 7 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. සාමාන්‍ය මැරතන් තරගයකට වඩා දීර්ඝ දුරකින් යුතුව පැවැත්වෙන මෙම තරග අන්තර්ජාතික වශයෙන් ‘අල්ට‍්‍රා රන්’ වශයෙන් හැඳින්වෙන අතර තරගය අනුරාධපුරයේදී ඊයේ (27) පෙරවරුවේ සාර්ථකව පැවැත්වුණි.

ධාවන ඉසව් වලදී දීර්ඝතම ඉසව්ව වශයෙන් සැලකෙන මැරතන් තරගයක දුර ප‍්‍රමාණය කිලෝ මීටර 42.195 ක් වන නමුත් අධි මැරතන් තරගයක් කිලෝ මීටර 42.195 ට වඩා වැඩි දුරකින් යුතුවේ.

කී‍්‍රඩා අමාත්‍යාංශය සහ උතුරු මැද පළාත් කී‍්‍රඩා අමාත්‍යාංශය සමග අනුරාධපුර දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය එක්ව ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ අනුමැතිය ඇතිව සංවිධානය කරන ලද දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 100 කට අධික පිරිසක් සහභාගී වූ මෙම මාර්ග ධාවන තරගාවලිය තරග ඉසව් අටකින් සමන්විත විය.

අවුරුදු 76 ක් වයසැති ඉන්දයානු කී‍්‍රඩකයෙකුද මෙයට සහභාගිවීම කැපී පෙනුණි.

මෙහි දීර්ඝතම තරග ඉසව්ව වූ කිලෝමීටර් 50ක් දුරැති තරගය ජයග‍්‍රාහණය කළේ කෙන්යාවේ අන්තෝනි එම්. මුගෝ විසිනි. ජාත්‍යන්තර මැරතන් ධාවන ශූරයෙකු වන 29 හැවිරිදි මුගෝට කිලෝමීටර් 50ක දුර දිවීමට ගතවූයේ පැය තුනයි මිනිත්තු තුනයි තත්පර හතළිස් නවයක 03.03.49 කාලයකි.

ශ්‍රී ලංකාවට අලූත්ම අත්දැකීමක්වූ මෙම අල්ට‍්‍රා රන් මාර්ග ධාවන තරගාවලියේ කාගේත් අවධානය යොමු වූ තරගකරුවා වූ ඉන්දියානු කී‍්‍රඩක 76 හැවිරිදි පේ‍්‍රම්ශංකර් පාණ්ඩියන් කිලෝමීටර් 21ක් දුර ඉසව්ව සාර්ථකව නිමා කිරීම වෙනුවෙන් ඔහුට විශේෂ සහතිකයක් පිරිනැමුණි. ඉන්දියාවේදී මෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවක පැවති මාර්ග ධාවන තරගවලට සහභාගිවී ඇති ඔහු පළපුරුදු කී‍්‍රඩකයෙකි.

අනුරාධපුර පැරැණි නගරයේ සිද්ධස්ථාන ප‍්‍රදර්ශනය වන ආකාරයේ මාර්ගයක මෙම තරගාවලිය පැවැති නිසා ඊට සහභාගී වූ විදෙස් තරගකරුවෝ ඒ ගැන තරග සංවිධායකයින්ට ප‍්‍රසාදය පළ කළහ.

ජයග‍්‍රාහකයින්ට ජය සංකේත ප‍්‍රදානය සිදුකෙරුණේ උතුරු මැද කී‍්‍රඩා අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්  මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

එම අමාත්‍යාංශයේ ලේකම් නයනා දිසානායක මහත්මියද, උතුරුමැද කී‍්‍රඩා අධ්‍යක්‍ෂ සුමිත් කේ. සෝමරත්න, අනුරාධපුර මලල කී‍්‍රඩා සංගමයේ සභාපති බී.වී.ආර්. ජයලාල්, අනුරාධපුර  මූලස්ථාන ප‍්‍රධාන  පොලිස් පරීක්‍ෂක නන්දසිරි ජයපත්ම, ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලූතිනන් කර්නල් මංජුල පෙරේරා සහ සෆ්රාස් ෆවුසි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරග ප‍්‍රතිඵල  

කිලෝමීටර් 50ක් දුරැති තරගය

1. අන්තෝනි එම්. මුගෝ - පැ 03:03.49
2. ඊ.එම්.සී.පී. කැලූම් ධර්මරත්න - පැ 3:17.47
3. කේ.පී.එස්. සුගන්ද කරුණාතිලක - පැ 3:18.00


කිලෝමීටර් 50ක් දුර  කාන්තා ඉසව්ව

1. වේලූ කි‍්‍රෂාන්තනි - පැ 3: 50.38
2. ධම්මිකා මල්කාන්ති වීරක්කොඩි - පැ 4:21.28
3. එස්.ඞී. හේමන්ති - පැ 4:41.47


කිලෝමීටර් 21 දුර පිරිමි තරගය
1.  කේ.ජී.ආර්. සමන්කුමාර - පැ 1:09.01


කිලෝමීටර් 21 දුර කාන්තා තරගය
1. එන්.එස්.පී.එම්. පෙරේරා - පැ 1:29.01


 කිලෝමීටර් 10ක් දුරැති පිරිමි තරගය
1. එන්. අසේල බණ්ඩාර - වි 32.11


කිලෝමීටර් 10ක් දුරැති කාන්තා තරගය
1. ඩබ්ලිව්.ජී. සෞම්‍යා උදයකාන්ති - වි 43.45


කිලෝමීටර් 05 ක් දුර පිරිමි තරගය
1. ඩබ්ලිව්.ඒ.ජී. චතුරංග - වි 17.21


කිලෝමීටර් 05 ක් දුර කාන්තා තරගය    
1. ඒ. කේ. ඔෂනි ශාලිකායි - වි 20.49

 

(ඡායාරූප - අතුල බණ්ඩාර)


අදහස් (0)

ශී‍්‍ර ලාංකිකයෝ ඉසව් 7 ක් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.