Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටොරින්ටන් පෙදෙස කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ ජාතික හොකි තරගාවලියේ මූලික වටයේ තරගයකදී රත්නපුර හොකී සංගමයට එරෙහිව ගෝල 20-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සන්නද්ධ සේවා හොකී සංගමය සමත් විය. මූලික වටය යටතේ අද පැවැති සෙසු තරග වලදී රාජ්‍ය සේවා, වෙන්නප්පුව, කොළඹ, ජනසතු සේවා, වෙළෙඳ සේවා සහ මහනුවර යන හොකී සංගම් ජය වාර්තා කළහ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හොකී ව්‍යාපෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 22 වැනිදා දක්වා පැවැත්වේ. පිරිමි කණ්ඩායම් 18 ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් මෙවර තරගාවලියට ඇතුළත්ව සිටියි.
විවිධ හේතූන් මත තවමත් හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වී නැති බැවින් හොකී ක්‍රීඩාවේ පරිපාලන කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් මෙහෙයවනු ලබයි. එබැවින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතේ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු කෙරෙන අතර තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් තෝරාගෙන ජාතික සංචිතයක් පිහිටුවීම සඳහා තේරීම් කමිටුවක්ද පත්කර තිබේ.
හෙට (17 වැනිදා) දිනයේදී තවත් මූලික වටයේ තරග 11 ක් පැවැත්වීමට නියමිත අතර එහිදී පාසල්, කළුතර, මාතලේ, රත්නපුර, වෙළෙඳ සේවා යන හොකී සංගම්වලට තරග 2 ක බැගින් ක්‍රීඩා කිරීමට සිදුව තිබේ.
අද (16) පැවැති මූලික වටයේ තරගවල ප්‍රතිඵල
හෙට (17) පැවැත්වීමට නියමිත මූලික වටයේ තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.