Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවති සමස්ත ලංකා ස්කොෂ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ විශාකා විදුහල සමත්විය. විශාකා විදුහල මෙම තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් වසර තුනේදීම ඊට හිමිකම් කියා ඇත්තේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලයි.
විශාකා විදුහලේ නඳුනි ගුණවර්ධන, සඳුනි ගුණවර්ධන සහ කසුනි ගුණවර්ධන සොයුරියන් තිදෙනා, ඔවුන් කී‍්‍රඩා කළ වයස් කාණ්ඩ වලදී කැපීපෙනෙන දස්කම් දක්වමින් මෙම ජයග‍්‍රහණයේ ප‍්‍රධාන නියමුවෝ බවට පත්වූහ. වයස 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට කසුනි ගුණවර්ධන සමත්වූයේ එහි අවසන් තරගයේදී සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ බුත්මි ගලගමගේ පරාජය කරමිනි.
වයස 17 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළ සඳුනි ගුණවර්ධන එහි අවසන් තරගයේදී සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ වසුන්දරා සුවාරිස් පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත්තාය. වයස 19 පහළ වයස් කාණ්ඩයේ අවසන් තරගයේදී සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණි හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් නඳුනි ගුණවර්ධන ගුණවර්ධනට හිමිවූයේ එහි අනුශූරතාවයි.
තරගාවලියේ කණ්ඩායම් අංශයේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාසිටියේද මෙම විදුහල් 2 යි. එහිදී තරග වට 3 - 2 ක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල පරදවා විශාකා විදුහල ජය ලැබීය.
විශාකා විද්‍යාලයීය ස්කොෂ් කණ්ඩායම
ඉදිරිපෙළ වමේ සිට දකුණට - ප‍්‍රභාත් වුඞ් මහතා (පුහුණුකරු), සඳමාලි අවිරුප්පොල (විදුහල්පතිනි), සඳමාලි පෙරේරා (උප විදුහල්පති), නිලන්ති පි‍්‍රයන්ගිකා (කී‍්‍රඩා භාර ආචාරිනී.)
පසුපෙළ වමේ සිට දකුණට - සජිනි දේවපුර, ඉනුරි ගුණසේකර, නවොද්‍යා රත්නසිරි, දෙව්නි ධර්මවංස, කසුනි ගුණවර්ධන, නඳුනි ගුණවර්ධන, සඳුනි ගුණවර්ධන, මල්ෂී රාජපක්ෂ, ප‍්‍රභාෂී රාජපක්ෂ, රසාරා ජයසූරිය (කණ්ඩායම් නායිකාව)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.