Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 56-47 ක ජයක් වාර්තා කිරීමට ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 25-20 ක් ලෙස පෙරමුණ ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමත් වූවත්, දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ වැඩි ගෞරව තමන් සතුකර ගත්තේය. ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 36 ක් රැස්කළ අතර කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි.
කොළඹ ශාන්ත ජොෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 14 ක් රැස්කළ ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායමේ ජරෙඞ් ප්‍රනාන්දු සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ 10 වැනි දිනයේදී පැවැති ‘සී’ කාණ්ඩායේදී තරගයකදී එන්.ඩී.බී. බැංකු කණ්ඩායම පරාජය කිරීමට අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම සමත් වූ අතර ‘ඊ’ කාණ්ඩායේදී තරගයකදී අබාන්ස් කණ්ඩායම පරාජය කිරීමට අයි.එෆ්.එස්. කණ්ඩායම සමත් විය.
‘බී’ කාණ්ඩය
■ ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම විසින් ලකුණු 56-47 ක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ජරෙඞ් ප්‍රනාන්දු (ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම) - ලකුණු 14
‘සී’ කාණ්ඩය
■ අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම විසින් ලකුණු 58-56 ක් ලෙස එන්.ඩී.බී. බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - දිමිත්‍රි ග්‍රේබ් (අක්බාර් බ්‍රදර්ස් කණ්ඩාම) - ලකුණු 19
‘ඊ’ කාණ්ඩය
■ අයි.එෆ්.එස්. කණ්ඩායම විසින් ලකුණු 43-32 ක් ලෙස අබාන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - නඳුන් විතානච්චි (අයි.එෆ්.එස්. කණ්ඩායම) - ලකුණු 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.