Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිලෝමීටර 600ක් පමණ ආවරණය වන පරිදි දින පහක් පුරා පැවැත්වෙන “ස්පීඞ් අප්” පාපැදි සවාරිය ලබන මස 25 වැනිදා කොළඹින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. එදින ආරම්භ වන මෙම පාපැදි තරගය ජුලි 29 වැනිදා දක්වා දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි පැවැත්වීමට මේ වනවිට මූලික සැලසුම් සකස් කර තිබේ.
ජුලි 25 වැනිදා කොළඹ සිට මීගමුව පාර ඔස්සේ පුත්තලම දක්වාත්, 26 වැනිදා පුත්තලමේ සිට ත්‍රිකුණාමලය දක්වාත්, ජුලි 27 ත්‍රිකුණාමලය සිට දඹුල්ල දක්වාත්, ජුලි 28 දඹුල්ලේ සිට බදුල්ල දක්වාත්, ජුලි 29 බදුල්ලේ සිට ඇඹිලිපිටිය දක්වාත් ප්‍රධාන අදියර පහකින් මෙම පාපැදි සවාරිය පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ.
කෙසේ වුවත් ජුලි 26 වැනිදා පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන දෙවැනි අදියර කොටස් දෙකකින් පැවැත්වීමට නියමිතය. ඒ පුත්තලම සිට වව්නියාව දක්වාත් එතැන් සිට ත්‍රිකුණාමලය දක්වාත් වන පරිදිය. එහිදී දෙවැනි අදියරේදී පුත්තලම සිට වව්නියාවට ළඟාවන තරගකරුවෝ වව්නියාව නගරයේදී දිවා ආහාර ලබා ගැනීමෙන් අනතුරුව එතැන් සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් අරඹයි.
මෙවර ස්පීඞ් අප් පාපැදි සවාරියේ දුෂ්කර අදියර ලෙස දඹුල්ල සිට බදුල්ල දක්වා දිවෙන කිලෝමීටර 95 ක දුර හැඳන්විය හැකිය. එම මාර්ගය දුෂ්කර කඳු හා පල්ලම් වලින් ගහන වන බැවින් එම අදියර සම්පූර්ණ කිරීමට තරගකරුවන්ට සමස්ත තරගයේ විශාලතම අභියෝගයක් වනු ඇත.
රුපියල් මිලියනයක් ඇතුළුව මුදල් ත්‍යාග රැසක්ම මෙවරත් ප්‍රදානය කිරීමට කටයුතු කෙරෙන අතර ස්පීඞ් අප් පාපැදි සවාරිය සඳහා විදේශීය ක්‍රීඩකයන් පිරිසක් සහභාගී කරගැනීම ගැනත් මේ වනවිට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සාකච්ඡා ආම්රභ කර තිබේ. මෙම පාපැදි තරගයේ ජයග්‍රාහකයන් හා තරගකරුවන්ගේ ස්ථාන තීරණය කිරීමට අතිනවීන තාක්‍ෂණික මෙවලම් යොදා ගැනීමට තීරණය වී තිබේ.
එහිදී තරගකරුවන්ගේ පාපැදිවල විද්‍යුත් කාලඝනක යන්ත්‍ර සවිකරන අතර තරගය අවසන් කෙරෙන රේඛාවේ සවිකර තිබෙන විද්‍යුත් කාලඝනක යන්ත්‍ර හා එය සම්බන්ධ වෙමින් තරගකරුවන්ගේ නිමි කාලයන් අවසන් තත්ත්වය දක්වා නිවැරදිව ලබාදේ.
අත් කාලඝනක යන්ත්‍ර භාවිතයේදී පවතින දෝෂ එහිදී සහමුලින්ම නැතිව යාම තරගකරුවන්ට මෙන්ම විනිසුරුවන් හා තීරකවරුන්ට එහිදී ලැබෙන පහසුවකි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් මෙවරත් ස්පීඞ් අප් පාපැදි සවාරිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.