Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ස්ලිම්ලයින් ‘ඒ’ - යුනිචෙලා ශූරතා දිනයි

ස්ලිම්ලයින් ‘ඒ’ - යුනිචෙලා ශූරතා දිනයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 92 වැනි ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජ ‘ඒ’ කණ්ඩායමද, කාන්තා ශූරතාව දිනාගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජයද සමත් විය. 

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ‘ඒ’ කණ්ඩායම මෙවර තරගාවලියේ පිරිමි ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 5 ක් දිනාගනිමිනි. රන් පදක්කම් 3 ක් දිනාගත් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පිරිමි අනුශූරතාව හිමිකරගත් අතර රන් පදක්කම් 2 ක් දිනාගත් නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම එහි තෙවැනි ස්ථානයට පත් විය. 

රන් පදක්කම් 8 ක් දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජය තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කී අතර රන් පදක්කමක් දිනාගත් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම කාන්තා අනු ශූරතාව හිමිකර ගත්තේය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජ ‘ඒ’ කණ්ඩායම එන්.එම්. හෙට්ටිආරච්චි සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු සම්මාන දිනාගත්තාය. 

දක්ෂතම පරාජිතයා ලෙස වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදා ‘ඒ’ කණ්ඩායමේ පී.ඩී.ඩී. මධුරංගද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදා ‘ඒ’ කණ්ඩායමේ එච්.එස්. ප්‍රියදර්ශනීද සම්මාන හිමිකර ගත්හ. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලි, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල් ලයින් වැනි ක්‍රීඩා සමාජ නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගි වූහ. 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා එම සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුද වන රොහාන් අබේවර්ධන මහතා සහභාගි විය. 

aaaa

පිරිමි තරග ප්‍රතිඵල 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය 
ඩබ්ලිව්.ඒ. පෙරේරා (ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම) විසින් ඩබ්ලිව්.ඒ.අයි. සංජය (ස්ලිම්ලයින් ‘බී’ කණ්ඩායම) පරාජය කරන ලදි.
 

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය 
එම්.වී. බණ්ඩාර (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) විසින් පී.ජී.ඊ. මධුෂාන් (ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි. 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය 
ඩබ්ලිව්.ආර්.ටී. වීරක්කොඩි (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) විසින් සඳරුවන් කුමාර (යුද හමුදා ‘සී’ කණ්ඩායම) පරාජය කරන ලදි. 

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය 
කේ.ඒ. ජයම්පති (ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම) විසින් විමුක්ති කුමාර (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි. 

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
පී.වී. සපරමාදු (ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම) විසින් ආර්.ඩබ්ලිව්. රාජකරුණා (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි. 

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එන්.එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම) විසින් පී.ඩී.ඩී. මධුරංග (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි. 

මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
එම්.එස්. ජීවන්ත (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) විසින් එන්. නිකලස්  (යුද හමුදා ‘සී’ කණ්ඩායම) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ජී.ඒ.එන්. ප්‍රනාන්දු (නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම) විසින් එම්.ඒ.ආර්. සඳකැළුම් (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි.  

හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
ඩී.එන්.එස්. සම්පත් (නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම) විසින් කේ.ඒ. කරුණානායක (නාවික හමුදා ‘බී’ කණ්ඩායම) පරාජය කරන ලදි.
 

සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
එල්.ටී.බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම) විසින් ඒ.ආර්. තිලකරත්න (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි.
 

කාන්තා තරග ප්‍රතිඵල 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
කේ.ඒ.කේ. නිල්මිනී (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් ආර්.කේ. රණසිංහ (තුරුලි ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. 

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
කේ.ඒ. කොඩිතුවක්කු (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එච්.එස්. ප්‍රියදර්ශනී (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි.
 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්.පී. කුරේ (ගුවන් හමුදාව) එච්.එන්.එස්. තල්ගස්පිටිය (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. 

ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
කේ.ඒ.කේ. හංසිකා (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එල්.ජී. චන්ද්‍රකා (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි. 

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
කේ.ඒ.ඩී. ධර්මතිලක (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් ඩබ්ලිව්.ඩබ්ලිව්. තිවංකා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. 

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය 
ඒ.එම්.පී. අතපත්තු (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් හේෂානි පෙරේරා (ලීනියා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. 

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය 
පී.කේ. සුමුදු (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) විසින් එච්.එම්. උදයංගනී (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. 

මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
අයි.ඩබ්ලිව්. චන්ද්‍රසේකර (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් ටී.බී. බණ්ඩාර (පොලිසිය) පරාජය කරන ලදි. 

හෙවි (කිලෝ ග්‍රෑම් 81 ට වැඩි) බර පංතිය

ජී.ඩී. ජයදේව (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එම්.පී. ජයවර්ධන (පොලිසිය) පරාජය කරන ලදි. 

ju

er

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

ස්ලිම්ලයින් ‘ඒ’ - යුනිචෙලා ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.