Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ස්ලිම්ලයින් ජාතික කඩු හරඹ ශූරතාව දිනයි

ස්ලිම්ලයින් ජාතික කඩු හරඹ ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පන්නල ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමත්විය. එහි අනුශූරතාව හිමිකරගත්තේ යුනිචෙලා කී‍්‍රඩා සමාජයයි. මෙම තරගාවලිය පසුගියදා කොග්ගල, අහංගම සාරිපුත‍්‍ර කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 


බර අසිපත් කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් කඩු හරඹ කී‍්‍රඩා සමාජයේ චාමර නුවන් පි‍්‍රයදර්ශන තරගාවලියේ දක්‍ෂතම කඩු හරඹ ක‍්‍රීඩකයා ලෙසත්, සැහැල්ලූ අසිපත් කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගත් සිලූවේටා කී‍්‍රඩා සමාජයේ අශෝකා උදයංගනී දක්‍ෂතම කඩු හරඹ කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.


ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයට එරෙහිව තියණු ජයක් වාර්තා කළ එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජය කණ්ඩායම් තරගය ජය ගැනීමට සමත්විය. එහිදී එක් කණ්ඩායමකට සැහැල්ලූ අසිපත් කී‍්‍රඩකයකු සහ කී‍්‍රඩිකාවකද, බර අසිපත් කී‍්‍රඩකයකු සහ කී‍්‍රඩිකාවකද, දෙපිට මුවහත් අසිපත් කී‍්‍රඩකයකු සහ කී‍්‍රඩිකාවකද, විවෘත ආයුධ කී‍්‍රඩකයකු සහ කී‍්‍රඩිකාවක බැගින්ද කී‍්‍රඩා කළහ.


ජාතික කඩු හරඹ සංගමය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සඳහා මාස් සමූහ ව්‍යාපාරයේ ස්ලිම්ලයින්, යුනිචෙලා, සිලූවේටා, එම්. ඞී. එස්., තුරුලි, සදර්න්, ස්ලිම්ටෙක්ස්, රැපිඞ් යන කී‍්‍රඩා සමාජ කණ්ඩායම් රැසක් සහභාගීවූහ.


මෙම තරගාවලියේදී සැහැල්ලූ අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සේබර්) යන කාණ්ඩ 3 යටතේ කේවල සහ කණ්ඩායම් ලෙස තරග පැවැත්විණ. කේවල අංශයේ මූලික වටයේ තරග වලින් එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී, සබ්රේ) ඉහළම දස්කම් දැක්වූ කඩු හරඹ කී‍්‍රඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, ඔවුන්ව අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරිණ.


ඉන් අවසන් වටයට සුදුසුකම් ලබාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවූ අතර අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලෝකඩ පදක්කම් පිරිනැමිණ.

 

(තවත් ඡායාරූප බලන්න)

 

තරග ප‍්‍රතිඵල


සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය - පිරිමි
ප‍්‍රදීප් සාලිය (ස්ලිම්ලයින්) විසින් ඩිලාන් ඉරේෂ් (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.


බර අසිපත් (එපී) කාණ්ඩය - පිරිමි 
චාමර නුවන් (ස්ලිම්ලයින්) විසින් සමීර රුක්මාල් (යුනිචෙලා) පරාජය කරන ලදි.


දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩය - පිරිමි
මංජුල ප‍්‍රනාන්දු (යුනිචෙලා) විසින් චානුක ඔශාන් (යුනිචෙලා) පරාජය කරන ලදි.


සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය - කාන්තා
අශෝකා උදයංගනී (සිලූවේටා) විසින් කාංචනා සඳලංකා (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි. 


බර අසිපත් (එපී) කාණ්ඩය - කාන්තා
නිරංජලා වීරරත්න (ස්ලිම්ලයින්) විසින් සංදීපා සඳමාලි (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.


දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩය - කාන්තා
අනුරුද්ධිකා ධනංජලී (ස්ලිම්ලයින්) විසින් නයනා ශීරෝමි (සදර්න්) පරාජය කරන ලදි.


කණ්ඩායම් තරගය
එම්. ඞී. එස්. කණ්ඩායම විසින් ස්ලිම්ලයින් කණ්ඩායම පරාජය කරන ලදී.


අදහස් (0)

ස්ලිම්ලයින් ජාතික කඩු හරඹ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.