Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 91 වැනි ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය විසින්ද, කාන්තා ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය විසින්ද දිනාගන්නා ලදි.
රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් යුද හමුදාව, පිරිමි අනුශූරතාව හිමිකරගත් අතර රන් පදක්කමක්, සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් නාවික හමුදාව එහි තෙවැනි ස්ථානයට පත් විය.
යුනිචෙලා ක්‍රීඩා සමාජය තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමිනි. රන් පදක්කම් 2 ක් දිනාගත් හෙළ ක්‍රීඩා සමාජය කාන්තා අනු ශූරතාව දිනාගත්තේය. ගුවන් හමුදාව එහි තෙවැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමිනි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ පී.වී. සපරමාදු සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු සම්මාන දිනාගත්තාය.
දක්ෂතම පරාජිතයා ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්‍රීඩා සමාජයේ බී.ජී. වර්ණසූරියද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ එච්.එස්. ප්‍රියදර්ශනීද සම්මාන හිමකරගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලි, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල් ලයින් වැනි ක්‍රීඩා සමාජ නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගි වූහ.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එහි සභාපති ඩයන් ගෝමස් මහතා සහභාගි විය.
පිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
ඩබ්ලිව්.ඒ. පෙරේරා (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ආර්.එම්.පී. ධර්මසේන (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
එම්.වී. බණ්ඩාර (යුද හමුදාව) විසින් බී.ජී. වර්ණසූරිය (හෙළ ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
යූ.එන්.කේ. අමරවංශ (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ඒ.කේ. මධුරංග (හෙළ ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
ආර්.එම්. ගුණතිලක (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් විමුක්ති කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
පී.වී. සපරමාදු (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ආර්.ඩබ්ලිව්. රාජකරුණා (යුද හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ආර්.ජී.එස්. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් එච්.එන්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ජී.ජී. ගුණසේකර (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් එම්.එස්. ජීවන්ත (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැළුම් (යුද හමුදාව) විසින් අයි.ඩී. වෛද්‍යරත්න (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
ජේ.පී. ජයවීර (යුද හමුදාව) විසින් ඒ.එම්. අබේසිංහ (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
එල්.ටී.බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් එම්.වී. මීගස්තැන්න (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
ඒ.ඩී. කොඩිතුවක්කු (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් පුෂ්පා කුමාරි (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
අනුරාධා ජයසිංහ (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එච්.එස්. ප්‍රියදර්ශනී (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්.ආර්.එස්. කුරේ (ගුවන් හමුදාව) එල්.ජී. චන්ද්‍රිකා (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
කේ.ඒ.කේ. හංසිකා (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එච්.එම්.ඩී. හේරත් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
බී.සී.එස්.සඳරේකා (හෙළ ක්‍රීඩා සමාජය) විසින් කේ.ඒ.ඩී. ධර්මතිලක (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
ජී.එච්. ධර්මසේන (හෙළ ක්‍රීඩා සමාජය) විසින් එස්.එච්. සිල්වා (ලීනියා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එච්.එම්. උදයංගනී (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් පී.කේ. සුමුදු (යුද හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ඩී.ඩී.එස්. වීරරත්න (පොලිසිය) විසින් එන්.එච්. ජයවීර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
ජී.ඩී. ජයදේව (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් ඒ.එස්.අයි. ජයසිංහ (පොලිසිය) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.