Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සුදේශ් ගෙන් රන් පදක්කමක්

සුදේශ් ගෙන් රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ සුදේශ් පීරිස් අද (6) සමත්විය. සුදේශ්, තරගයේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 115 ක් ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 150 ක්ද ලෙස කිලෝග‍්‍රෑම් 265 ක බර ප‍්‍රමාණයක් ඔසවමින් රන් පදක්කම දිනා ගත්තේය.

නේපාලයේ බිකාෂ් තෙපා (කි.ග‍්‍රෑ. 242) සහ බංග්ලාදේශයේ මොස්තායින් බෙලා (කි.ග‍්‍රෑ 225) පිළිවෙලින් එම බර පංතියේ රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

රන් පදක්කම් ලාභී සුදේශ් පීරිස්, ආසන්නතම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ පදක්කම්ලාභියෙකි. 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් සුදේශ් රිදී පදක්කම දිනා ගත්තේය. 2010 නව දිල්ලි පොදුරද මඩුලූ ක‍්‍රීඩා උළෙලේදී ද සුදේශ්, ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් දස්කම් දක්වා තිබේ.


 - 090

 


අදහස් (0)

සුදේශ් ගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.