Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා තෙවැනි වටයට

සෙරීනා තෙවැනි වටයට

editorial - 2021 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුමේනියාවේ මිහෙලා බුසාර්නෙස්කුට ‍එරෙහිව පැවැති දෙවැනි වටයේ තරගය වට 2-1 ක් ලෙස ජයගනිමින් ප්‍රංශ විවෘත ශූරතාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ඇමරිකාවේ සෙරීනා විලියම්ස් සමත් වූවාය. සිය 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙන්ම ‍සිවුවැනි ප්‍රංශ විවෘත ශූරතාවද හඹායමින් සිටින සෙරීනා, මේ වන විට 39 වැනි වියේ පසුවන්නීය.

මිහෙලාට‍ එරෙහිව පැවැති තරගයේ පළමු වටය ලකුණු 6-3 ක් ලෙස ජයගැනීමට සෙරීනා සමත් වුවද, දෙවැනි වටයේදී ඇය ලකුණු 7-5 ක් ලෙස මිහෙලා හමුවේ පරාජයට පත් වීමත් සමග තරගය වට 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් විය. කෙසේ වුවත් යළිත් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ සෙරීනා තෙවැනි වටය ලකුණු 6-1 ක් ලෙස ජය ගනිමින් වට‍ 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතු කරගත්තාය.

ඒ අනුව හෙට (4 වැනිදා) පැවැත්වෙන තෙවැනි වටයේ තරගයේදී සෙරීනා ඇමරිකාවේම ක්‍රීඩිකාවක වන ඩැනියෙල් කොලින්ස්ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නීය. එම තරගය ජයගැනීමට හැකි වුවහොත් ඇයට තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

මැ‍ටි පිටි තරග වලදී සෙරීනාගේ තරග වාර්තා එතරම් සාර්ථක නොවන අතර අවසන් වරට ඇය ප්‍රංශ විවෘත ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ 2016 වසරේදීය. 2002, 2013 සහ 2015 යන වසරවලදී ප්‍රංශ විවෘත ශූරතාව දිනාගැනීමට සෙරීනා සමත් වුවද, 2018 වසරේදී මවු පදවිය ලැබීම සඳහා තාවකාලිකව තරග බිමෙන් ඉවත් වීමෙන් පසු ඇය මෙම තරගාවලිය දක්වාම මැ‍ටි පිටි තරගාවලියක් සඳහා සහභාගි වී නොතිබිණ.

“ඇය ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවක්‍. විශේෂයෙන්ම මැටි පිටි මත ඇගේ දක්ෂතා ඉතාමත් ඉහළයි. ඒ නිසා මේ තරගය මට ලේසි වෙන එකක් නෑ කියලා මම දැනගෙන හිටියා. කෙසේ වුවත් තරගය ජයගැනීමට ලැබීම ගැන මට හුගක් සතුටුයි.” යැයි මිහෙලා පරාජය කිරීමෙන් පසුව සෙරීනා මාධ්‍ය වෙත පැවසූවාය.

“එය ඉතාමත් හොඳ තරගයක්. ඇයත් මමත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. එය හරිම විනෝද ජනකයි. මෙය මගේ රැකියාව. මම මගේ රැකියාවට ආදරෙයි. ඒ මගේම මම එය ඉතාමත් සතුටින් රසවිඳිනවා. හැබැයි මම තරග බිමේදී වැඩියේ හිනාවෙන්‍න යන්නෙ නෑ‍. ඒත් ක්‍රීඩාව නිසා මේ ඉන්න තැන ගැන මම හුගක් සතුටට පත්වෙනවා.” යැයිද එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියාය.


-036


අදහස් (0)

සෙරීනා තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.