Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තම 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව හඹා යන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් විම්බල්ඩන් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ජූලියා ජෝජස් ලකුණු 6-2 ක් සහ 6-4 ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තාය.
අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අතරේ හිටපු නොම්මර එකේ ක්‍රීඩිකාව වන සෙරීනා පසුගිය සැප්තැම්බරයේදී සිය කුළුඳුල් දරුවා බිහි කරමින් මාස 9 ක් පුරා ටෙනිස් පිටියෙන් ඈත්වී සිටියාය. ඇය නැවත තරග බිමට පිවිසියේ මැයි මාසයේදීය.
මවක් වීමට පෙර ග්‍රෑන්ඞ් ස්ලැම් කිරුළු 23 ක් අත්පත් කරගත් ඇය දැන් මවක ලෙස තම පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලානයේ සිහිනය දකිමින් සිටින්නීය. මෙතෙක් විම්බල්ඩන් කුසලාන 7ක්ම දිනා ඇති සෙරීනා මෙවර ජයගතහොත් එය මවක විසින් ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලානයක් දිනාගනු ලැබු සිවුවැනි අවස්ථාව වෙයි.
හෙට (14 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයේදී සෙරීනාගේ ප්‍රතිවාදිනිය වන්නේ ජර්මානු ක්‍රීඩිකා ඇන්ජලික් කේබර්ය. ඇය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ලැටිවියා රාජ්‍යයේ ජෙලීනා ඔස්ටපෙන්කෝ පරාජය කරමිනි.
සෙරීනා සහ කේබර් අතර විම්බල්ඩන් කුසලාන අවසන් මහා තරගය වසර 2016 අවසන් තරගයේ නැවත පෙළ ගැස්මකි. එවර අවසන් මහා තරගයේදී කේබර් පරාජය කරමින් කුසලානය අතට ගත්තේ සෙරීනාය.
ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාව සෙරීනාටත්, වසර දෙකකට ඉහතදී සිදුවූ අත්වැරදීම නිවැරදි කරගැනීමේ අවස්ථාව කේබර්ටත් හෙට තරගයේදී හිමිවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.