Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙලාන් බැංකුවට ලකුණක තියුණු ජයක්

සෙලාන් බැංකුවට ලකුණක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 71-70 ක තියුණු ජයක් වාර්තා කිරීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 37-32 ක් ලෙස පෙරමුණ ගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් වූවත්, දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ සෙලාන් බැංකු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ වැඩි ගෞරව තමන් සතුකර ගත්තේය. සෙලාන් බැංකු කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 39 ක් රැස්කළ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායමට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි.

තිඹිරිගස්යාය හෙන්රි ප්‍රේදිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 29 ක් රැස්කළ සෙලාන් බැංකු කණ්ඩායමේ නවීන් බණ්ඩාර සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 11 වැනි දිනයේදී පැවැති ‘සී’ කාණ්ඩායේදී තරග දෙකකදී මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම පරාජය කිරීමට යුනියන් බැංකු කණ්ඩායමත්, එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කිරීමට එච්.එස්.බී.සී. කණ්ඩායමත් සමත් විය.


‘බී’ කාණ්ඩය
■    සෙලාන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 71-70 ක් ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - නවීන් බණ්ඩාර (සෙලාන් බැංකු කණ්ඩායම) - ලකුණු 29


‘සී’ කාණ්ඩය
■    යුනියන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 66-55 ක් ලෙස මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - කෙනෙත් වික්‍රමසිංහ (යුනියන් බැංකු කණ්ඩාම) - ලකුණු 11  
■    එච්.එස්.බී.සී. කණ්ඩායම විසින් ලකුණු 76-56 ක් ලෙස එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - හසන්ත ගුණවර්ධන (එච්.එස්.බී.සී. කණ්ඩායම) - ලකුණු 24

 


අදහස් (0)

සෙලාන් බැංකුවට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.