Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙලාන් බැංකුව නේෂන් ට්‍රස්ට් පිල පරාජය කරයි

සෙලාන් බැංකුව නේෂන් ට්‍රස්ට් පිල පරාජය කරයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 60-55 ක තියුණු ජයක් වාර්තා කිරීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණ 27-23 ක් ලෙස පෙරමුණ ගත් සෙලාන් බැංකු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 33 ක් එක්කරගත්හ. නේෂන් ට්‍රස්ට් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 32 ක් පමණි.

තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 14 ක් රැස්කළ සෙලාන් බැංකු කණ්ඩායමේ නවීන් බණ්ඩාර සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 24 වැනි දිනයේදී පැවැති ‘සී’ කාණ්ඩායේ තරගයකදී ජෝන් කීල්ස් කණ්ඩායම පරාජය කිරීමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමත් වූ අතර ‘ඩී’ කාණ්ඩායේ තරගයකදී සොෆ්ලොජික් කණ්ඩායම පරාජය කිරීමට කොමර්ෂල් බැංකුව සමත් විය.


‘බී’ කාණ්ඩය
■    සෙලාන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 60-55 ක් ලෙස නේෂන් ට්‍රස්ට් බැංකු පරාජය කරන ලදි.
තරගයේ වීරයා - නවීන් බණ්ඩාර (සෙලාන් බැංකු කණ්ඩායම) - ලකුණු 14


‘සී’ කාණ්ඩය
■    කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම විසින් ලකුණු 56-54 ක් ලෙස ජෝන් කීල්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - මිහිරාජ් රජපක්ෂ (කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම) - ලකුණු 25  


‘ඩී’ කාණ්ඩය
■    කොමර්ෂල් බැංකු කණ්ඩායම විසින් ලකුණු 52-25 ක් ලෙස සොෆ්ලොජික් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ජොනතන් ආරුමුගම් (කොමර්ෂල් බැංකු කණ්ඩායම) - ලකුණු 18

 


අදහස් (0)

සෙලාන් බැංකුව නේෂන් ට්‍රස්ට් පිල පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.