Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙලාන් - හැටන් නැෂනල් කණ්ඩායම් ශූරතා දිනති

සෙලාන් - හැටන් නැෂනල් කණ්ඩායම් ශූරතා දිනති

Nisanka Sandeepani - 2018 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ කාන්තා ශූරතා දිනාගැනීමට සෙලාන් බැංකු සහ හැටන් නැෂිනල් බැංකු කණ්ඩායම් සමත් වූහ. 
 
‘ඒ’ කාණ්ඩායේ තරග අංශ දෙකක් යටතේ පැවැති අතර ඉන් පළමු අංශයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් වූයේ අවසන් මහ තරගයේදී ලකුණු 51-24 ක් ලෙස නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම පරාජය කරමිනි. සෙලාන් බැංකු කණ්ඩායමේ කාංචනා විජේසිරිවර්ධන ලකුණු 24 ක් රැස්කරමින් එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. 
 
කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ පළමු අර්ධය නිමාවට විට ලකුණු 25-17 ක් ලෙස පෙරමුණ ගත් සෙලාන් බැංකු ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 26 ක් එක්කර ගත්හ. නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. 
 
දෙවැනි අංශයේ අවසන් මහ තරගයේදී කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව ලකුණු 59-43 ක ජයක් වාර්තා කිරීමට හැටන් නැෂිනල් බැංකු කණ්ඩායම සමත් විය. හැටන් නැෂිනල් බැංකු  කණ්ඩායමේ කුමරිනි සිල්වා ලකුණු 16 ක් රැස්කරමින් එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. 
 
එම තරගයද කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර පළමු අර්ධය නිමාවට විට ලකුණු 28-23 ක් ලෙස පෙරමුණ ගත් හැටන් නැෂිනල් බැංකු ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 31 ක් එක්කර ගත්හ. කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 20 ක් පමණි. 
 
‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය (පළමු අංශය) 
 
සෙලාන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 51-24 ක් ලෙස නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි. 
දක්ෂතම ක්‍රීඩිකාව - කාංචනා විජේසිරිවර්ධන (සෙලාන් බැංකු කණ්ඩායම - ලකුණු 24) 
‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය (දෙවැනි අංශය) 
 
හැටන් නැෂිනල් බැංකු කණ්ඩායම විසින් ලකුණු 59-43 ක් ලෙස කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පරාජය කරන ලදි. 
දක්ෂතම ක්‍රීඩිකාව - කුමරිනි සිල්වා (හැටන් නැෂිනල් බැංකු කණ්ඩායම - ලකුණු 16) 
 
-036 

 


අදහස් (0)

සෙලාන් - හැටන් නැෂනල් කණ්ඩායම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.