Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 61 වැනි ජාතික බිලියඩ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම සමත්විය.
තරග වට 11 කින් සමන්විතවූ අවසන් මහ තරගයේ පළමු තරග වට 6 ම ජයගත් කේ. එච්. සිරිසෝම තම 22 වැනි ජාතික ශූරතාවට හිමිකම් කීවේ තරග වට 6 - 0 ක් ලෙස ගාල්ල බිලියඞ් සමාජයේ එම්. එම්. ජිෆ්රි පරාජය කර ඉතා පහසු ජයක් ලබමිනි.
අවසන් මහ තරගය අදියර 2 කින් පැවති අතර පළමු අර්ධය නිමා වන විට 4 - 0 ක් ලෙස තරගයේ ඉදියෙන් සිටි සිරිසෝම දෙවැනි අර්ධයේදී තවත් ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක නියැළෙමින් පහසුවෙන්ම ජය ටැඹ කරා පියමං කළේය.
කොළඹ සුගතදාස හෝටල් සංකීර්ණයේ පිහිටි බිලියඞ් හා ස්නූකර් කී‍්‍රඩාගාරයේදී පැවති මෙම තරගාවලිය සඳහා බිලියඩ් ශ්‍රේණිගත කිරිම් වලට අනුව පළමු කී‍්‍රඩකයන් 32 පමණක් සහභාගීවූ අතර එක් කාණ්ඩයකට කී‍්‍රඩකයන් 4 දෙනා බැගිවූ කාණ්ඩ 8 ක් යටතේ එහි තරග පැවැත්විණ.
සිංගර් සමාගමේ අනුග‍්‍රාහකත්වයෙන් පැවැති මෙවර ජාතික බිලියඩ් ශූරතාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂක කුමාර් සමරසිංහ මහතා සහභාගි විය.
අවසන් තරගයේ ප‍්‍රතිඵලය
කේ. එච්. සිරිසෝම විසින් තරග වට 6 - 0 ක් ලෙස එම්. එම්. ජිෆ්රි පරාජය කරන ලදී. ලකුණු තත්ත්වය (101/87, 103/50, 101/60, 100/26, 100/54 සහ 100/28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.