Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner හය දෙනෙක් උලන්බතාර් යති

හය දෙනෙක් උලන්බතාර් යති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොංගෝලියාවේදී හෙට (19 වැනිදා) ආරම්භ වන උලන්බතාර් කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය මේ මස 25 වැනිදා දක්වා පැවැත්වේ.

තිවංක රණසිංහ කිලෝ ග්‍රෑම් 49 බර පංතිය යටතේද, ඉෂාන් බණ්ඩාර කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේද, දිනිදු සපරමාදු කිලෝ ග්‍රෑම් 64 බර පංතිය යටතේද තරගාවලියේ පිරිමි තරග සඳහා සහභාගි වෙති. අනූෂා කොඩිතුවක්කු කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේද, කේෂානි හංසිකා කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේද, ක්‍රිෂ්මි ධර්මතිලක කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේද එහි කාන්තා ඉසව් සඳහා සහභාගි වී සිටිති.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලුම දෙනා ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාවීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර උලන්බතාර් කුසලාන තරගාවලිය ඔවුන්ට ඒ සඳහා හිමිවන පෙර පුහුණුවක් ලෙස හැදින්විය හැකිය.

ශ්‍රී ලංකාවට අමතරව කසක්ස්තානය, දකුණු කොරියාව, තායිලන්තය, චීනය සහ සත්කාරක මොංගෝලියාව යන රටවල් නියෝජනය කරමින්ද උලන්බතාර් කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වී සිටිති. ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කරවීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන එම තරගාවලියේදී පිරිමි බර පංති 7 ක් සහ කාන්තා බර පංති 5 ක් යටතේ තරග පැවැත්වේ.

මෙම තරගාවලියෙන් අනතුරුව තිවංක රණසිංහ, ඉෂාන් බණ්ඩාර සහ දිනිදු සපරමාදු මේ මස 29 වැනිදා සිට ජූලි 7 වැනිදා දක්වා පැවැත්වෙන තායිලන්ත විවෘත බොක්සිං තරගාවලියට සහභාගි වීමට නියමිත අතර අනූෂා කොඩිතුවක්කු, කේෂානි හංසිකා සහ ක්‍රිෂ්මි ධර්මතිලක ජූලි මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දුනීසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට සහභාගි වීමට නියමිතය.

අමිල අරවින්ද සහ මංජු වන්නිආරච්චි යන මහත්වරු මොගෝලියා තරගාවලියේදී සහ තායිලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. චමිල අබේරත්න සහ රවීන්ද්‍ර වෑකඩගොඩ යන මහත්වරු ඉන්දුනීසියා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.

 


අදහස් (0)

හය දෙනෙක් උලන්බතාර් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.