Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 100 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තන්වීර් ආෂික් සහ සංඛ අතුකෝරාල යන කී‍්‍රඩකයෝ අද (17 වැනිදා) සමත් වූහ.
අද පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට 3-1 ක් ලෙස ප‍්‍රශාන්ත් සෙල්වරාජ් පරාජය කරමින් පාකිස්තානු ජාතික තන්වීර් ආෂික් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස ජයගැනීමට තන්වීර් ආෂික් සමත් වුවත් දෙවැනි වටයේදී ලකුණු 6/7 ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට ප‍්‍රශාන්ත් සෙල්වරාජ් සමත් වීමත් සමග තරගය සම තත්ත්වයකට පත්විය.
කෙසේ වුවත් තෙවැනි සහ සිව්වැනි වට වලදී පිළිවෙලින් ලකුණු 6/4 ක් සහ 6/1 ක් ලෙස ජය ලැබූ තන්වීර් ආෂික්, තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අවස්ථාව උදා කරගත්තේය.
අද පැවැති තවත් තරගයකදී ලකුණු 6/2 ක් ලෙස පළමු වටය ජයගෙන සිටි විමුක්ත ද සිල්වා සිය ප‍්‍රතිවාදියා වූ සංඛ අතුකෝරාලට ජයග‍්‍රහණය පිරිනමමින් දෙවැනි වටයේදී තරගයෙන් ඉවත්වී ගියේය. ඒ අනුව සංඛ අතුකෝරාලට අර්ධ අවසන් පූර්ව වටයේදී තමන් සහභාගී වූ තරගය අවසන් නොකරම අවසන් පූර්ව වටයට පිවිසීමට මං විවර විය.
හෙට (18 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ ඉතිරි තරග දෙකේදී ශාමාල් දිසානායකට එරෙහිව යසිත ද සිල්වාත්, හීරා ආෂික්ට එරෙහිව දිනේෂ්කාන්තන් තංගරාජාත් තරග වැදීමට නියමිතය.
මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් වන්නේ ඉකුත් වසරේ (2014) පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව සහ අනුශූරතාව දිනාගත් කී‍්‍රඩකයන් දෙදෙනා මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මුණගැසීමයි.
පාකිස්තානු ජාතික හීරා ආෂික් ඉතුක් වසරේ ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කේවල ශූරතාව දිනාගත් අතර දිනේෂ්කාන්තන් තංගරාජාට එහි අනු ශූරතාව හිමිවිය. ඉකුත් වසරේදී හීරා ආෂික් හමුවේ පරාජය වීමට පෙර දිනේෂ්කාන්තන් තංගරාජා පිට පිට තෙවරක් (2011, 2012 සහ 2013 වසර වලදී) ජාතික ටෙනිස් ශූරයා බවට පත්ව සිටියේය.
ඒ අනුව හීරා ආෂික් සහ දිනේෂ්කාන්තන් තංගරාජා අතර පැවැත්වෙන මෙම තරගය මෙවර තරගාවලියේ තීරණාත්මකම තරගය ලෙස හැදින්විය හැකිය. මේ වන විට දිනේෂ්කාන්තන් තංගරාජා ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන අතර හීරා ආෂික් එහි සිව්වැනි ස්ථානයේ පසුවේ.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.