Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner හේමජිත් - ඒකනායක ලෝකඩ පදක්කම් දිනති

හේමජිත් - ඒකනායක ලෝකඩ පදක්කම් දිනති

Nisanka Sandeepani - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 තායිවානයේදී පැවැති තායිපේ සිටි ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට මෙරට යොවුන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙක් වන පී.වී.එස්. හේමජිත් සහ එච්.එම්.කේ.සී. ඒකනායක සමත් වූහ. 

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ හේමජිත්, කිලෝ ග්‍රෑම් 52 බර පංතිය නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි විය. එම බර පංතියේ අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ මුහම්මද් රස්දෙනාල් හමුවේ පරාජයට පත්වීම නිසා ඔහුට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය. 

පිළිමතලාව ධීරානන්ද විදුහලේ ඒකනායක, එහිදී කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග වැදිණ. අවසන් පූර්ව වටයේදී ජපානයේ තායිගා ඉමංගා හමුවේ පරාජයට පත්වීම නිසා ඔහුටද එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. 

ශ්‍රී ලංකාව සමගින් ජපානය, නවසීලන්තය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ සත්කරක තායිවානය වැනි රටවල් 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 64 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වූහ. 

in-3

in-1

in-2

 

-036 


අදහස් (0)

හේමජිත් - ඒකනායක ලෝකඩ පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.