Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner හේලීස් පිල ‘ඊ’ කාණ්ඩයේ ශූරතාව දිනයි

හේලීස් පිල ‘ඊ’ කාණ්ඩයේ ශූරතාව දිනයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩායේ ශූරතාව දිනාගැනීමට හේලීස් කණ්ඩායම සමත් විය. 
 
කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැති එම කාණ්ඩයේ අවසන් මහ තරගයේදී එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 87-51 ක ජයක් වාර්තා කරමින් හේලීස් කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය. 
 
පළමු අර්ධය අවසානයේ ලකුණු 38-27 ක් ලෙස පෙරමුණ ගත් හේලීස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 49 ක් එක්කර ගත්හ. එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 24 ක් පමණි. 
 
දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වෙමින් ලකුණු 24 ක් රැස්කළ හේලීස් කණ්ඩායමේ රකිත ද සිල්වා අවසන් මහ තරගයේ වීරයා බවට පත් විය. තරග 5 කදී තරගයේ වීරයා සම්මාන දිනාගත් එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායමේ රෂ්මික ලෝරන්ස් ‘ඊ’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. 
 
‘ඊ’ කාණ්ඩයේ අවසන් මහ තරගය 
 
හේලීස් කණ්ඩායම විසින් ලකුණු 87-51 ක් ලෙස එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - රකිත ද සිල්වා (හේලීස් කණ්ඩායම - ලකුණු 24)  
 
-036 

අදහස් (0)

හේලීස් පිල ‘ඊ’ කාණ්ඩයේ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.