Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික (පිරිමි) හොකී කණ්ඩායම අනිද්දා (14) බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යයි. ඕමානයට එරෙහිව එහිදී ශ්‍රී ලංකාව පළමු තරගයට සහභාගීවීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගීවන රටවල් ගණන අටකි. හොංකොං, තායිපේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව සහ කටාරය ඊට සහභාගීවන සෙසු රටවල් වෙති.
ශ්‍රී ලංකාව 1978 වසරෙන් පසු ආසියානු කී‍්‍රඩා උළෙලේ හොකී තරගාවලියට සහභාගී වී නොමැත. එයින් පසුත් ශ්‍රී ලංකාව ආසියානු කී‍්‍රඩා උළෙලේ හොකී තරගාවලියට සුදුසුකම් ලබා තිබුණත් ඒ සඳහා සහභාගී වී නොමැත.
මෙරට සිටින අංක එකේ හොකී දැල් රකින්නකු වන තුසිත් රත්නසිරි මෙම තරග සංචාරයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර හා සරත් විමලසිරි යන මහත්වරුද සහය පුහුණුකරු ලෙස පුලස්ති ලැනරෝල් මහතාද කටයුතු කරති.
රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සංචාරයට එක්වෙයි. කළමණාකරු ලෙස බී. ජී. ආර්. ප‍්‍රනාන්දු මහතාත් සහය කළමණාකරු ලෙස කේ. ජයරත්නම් මහතාත් කටයුතු කරන අතර තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස එම්. එෆ්. ලාෆිර් යන මහතාත් ඩකා නුවර බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම 15 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින් හොකී කී‍්‍රඩකයෝ රැසක්ම ඇතුළත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.