Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එලීට් ෆුට්බෝල් ලීග් ඉන්දියාහි ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කරන ‘එස්.ඒ.ජී.ටී.’ කුසලාන අන්තර් විශ්වවිද්‍යාල ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ තරගාවලිය කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී මේ මස 27 සහ 28 දෙදින පෙරවරු 9.00 සිට පැවැත්වේ.
මෙම ක‍්‍රීඩාව ලෝක ප‍්‍රචලිත ක‍්‍රීඩාවක් වන ඇමරිකන් ෆුට්බෝල් ක‍්‍රීඩාවේ ප‍්‍රාථමික අවස්ථාව වන අතර මෙය 2011 වසරේ දකුණු ආසියාවට හදුන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ පළමු ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ තරගාවලිය 2012 වසරේ පැවැත්විණි.
මෙවර තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය, එන්.එස්.බී.එම්., එන්.අයි.බී.එම්. සහ අයි.අයි.ටී. කණ්ඩායම් දෙක බැගින් තරගාවලියට ඉදිරිපත් කර තිබේ.
තරගාවලියේ පළමු වටය කණ්ඩායම් හතර බැගින් ලීග් ක‍්‍රමයට පැවැත්වෙන අතර එහි ප‍්‍රතිඵල අනුව කුසලාන, පළඟ, බදුණ සහ පළිහ යන ශූරතා තරග පැවැත්වේ.
එලීට් ෆුට්බෝල් ලීග් ඉන්දියාහි ශ්‍රී ලංකා ශාඛාව අධ්‍යක්‍ෂ ප‍්‍රවීණ රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා මෙම වසර තුළදී තරගාවලි කීපයක් පැවැත්වීමට මේ වන විට සැළසුම්කර ඇති බවයි.
‘‘අපි පළමුවෙන්ම මෙම ක‍්‍රීඩාව විශ්වවිද්‍යාලවලට හදුන්වා දුන්නා. ඉන් පසුව පාසල්වලට හදුන්වාදීම බලාපොරොත්තු වෙනවා’’ යැයි ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනය අනුග‍්‍රහය දක්වයි.
ඡායාරූපය:
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි එර්වින් හෂී මහතා විසින් එලීට් ෆුට්බෝල් ලීග් ඉන්දියාහි ශ්‍රී ලංකා ශාඛාව අධ්‍යක්‍ෂ විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රධානය කරන ලද අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.