Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ‘කෝ-කෝ’ ක්‍රීඩාව ගැන ග්‍රන්ථයක්

‘කෝ-කෝ’ ක්‍රීඩාව ගැන ග්‍රන්ථයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා ග්‍රන්ථ රචකයකු වන ප්‍රවීණ ක්‍රීඩා උපදේශක ඩබ්. එම්. අතුල විජේනායක මහතා රචිත අලුත්ම ක්‍රීඩා ග්‍රන්ථය වන ‘කෝ- කෝ’ ක්‍රීඩා ග්‍රන්ථය එළිදැක්වීම ඉකුත්දා විගඩ බෙම්මුල්ල කෝ-කෝ පිටියේදී පැවැත්විණි.
 
ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ සභාපති සමීර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙරටට කෝ--කෝ ක්‍රීඩාව හඳුන්වා දීමේදී පුරෝගාමීව කටයුතු කළ විජේනායක මහතා නව ග්‍රන්ථය තුළින් කෝ--කෝ ක්‍රීඩාව පිළිබඳව සවිස්තරාත්මක හැඳින්වීමක නිරතවෙයි.

මේ වන විට කෝ-කෝ ජාතික පුහුණුකරු ලෙසින් ද කටයුතු කරන විජේනායක මහතා මේ වන විට ක්‍රීඩා ග්‍රන්ථ 87 ක් සම්පාදනය කර තිබේ.

කෝ- කෝ ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වන විජේනායක මහතා පවසන්නේ අඩු වියදමක් දරන එම ක්‍රීඩාව ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා උචිත වන බවත් අන්තර්ජාතික පදක්කම් හා ජයග්‍රහණ පිළිබඳව ද ශ්‍රී ලංකාවට එහිදී වඩාත් විශ්වාසයකින් කටයුතු කළ හැකි බවත්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

‘කෝ-කෝ’ ක්‍රීඩාව ගැන ග්‍රන්ථයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.